TNA මහඇමතිකමට ද්වන්ධ සටනක්.

Saturday, 13 July 2013 - 12:46

TNA+%E0%B6%B8%E0%B7%84%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B6%A7+%E0%B6%AF%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0+%E0%B7%83%E0%B6%A7%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A.

උතුරු පළාත් සභා මැතිවරණයේ දෙමළ ජාතික සන්ධාන මහඇමති ධූර අපේක්ෂකත්වය සඳහා ද්වන්ධ සටනක් මේ වන විට නිර්මාණය වී තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා සහ හිටපු අධිකරණ විනිසුරුවරයෙකු වන සී.වී. වික්නේෂ්වරන් අතර මෙම සටන නිර්මාණය වී ඇති බවයි වාර්තා වන්නේ. ඊයේ (12) පැවැති දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේ දී මහඇමති අපේක්ෂකයා සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට සාකච්ඡා පැවැත්වුණා. නමුත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට අපොහොසත් වූ බවයි එම සන්ධාන ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ. පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහඇමති අපේක්ෂකයෙකු ලෙස නම් කළ යුතු බව දෙමළ සන්ධාන සම්බන්ධීකරණ කමිටුවේ 21 දෙනාගෙන් 19 දෙනෙකු ප්‍රකාශ කර තිබුණ ද නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් සහ සුමන්දිරන් මන්ත්‍රීවරයා ඊට දැඩි විරෝධය පළ කර තිබෙනවා. ඒ හේතුවෙන් අද දිනයේ යළිත් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම රැස්වී මහඇමති අපේක්ෂකයා තෝරා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

 

මේ අතර, එළඹෙන පළාත් සභා මැතිවරණයේ දී හිටපු මහාධිකරණ විනිසුරුවරයෙකු වන ඩබ්ලිව්.එම්.ටී.බී. වරාවැව ද එක්සත් ජාතික පක්ෂයෙන් තරග වැදීමට නියමිත බව වාර්තා වනවා. ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් සමග මේ වන විට සාකච්ඡා කර තීරණයක් ගෙන ඇති බව ද සඳහන්.

 

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ප්‍රකාශ කරන්නේ ඉදිරි පළාත් සභා මැතිවරණ පිළිබදව ස්වාධීන තීරණයක් ගැනීමට තම පක්ෂයට හැකියාවක් ඇති බවයි. කෙසේ වෙතත්, දෙමළ සන්ධානයෙන් මෙන්ම එක්සත් ජාතික පක්ෂයෙන් ද තමන් වෙත ආරාධනා ලැබී ඇති බව එම පක්ෂයේ ජාතික සංවිධායක ශෆීක් රජබ්දීන් හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළා.

 

[MP3]s62932[/MP3]