චෙන්නායි හරහා යළිත් බුද්ධගයා වන්දනාවට.

Saturday, 13 July 2013 - 13:13

%E0%B6%A0%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B7%92+%E0%B7%84%E0%B6%BB%E0%B7%84%E0%B7%8F+%E0%B6%BA%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%A7.

බුද්ධගයාවේ මහාබෝධි විහාරස්ථානයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් පසු එහි චාරිකා යළි ආරම්භ කිරීමත් සමග චෙන්නායි හරහා ශ්‍රී ලාංකික බෞද්ධ බැතිමතුන් දැන් නැවතත් එහි පැමිණෙන බව ඉන්දීය වාර්තා සදහන් කළා. පසුගිය ජුලි 7 වන දා බුද්ධගයාවේ මහාබෝධි විහාරස්ථානයේ කුඩා ප්‍රමාණයේ බෝම්බ රැසක් පිපිරුණු අතර එහිදී භික්ෂූන් වහන්සේ නමක් ඇතුළු කිහිප දෙනෙකු තුවාල ලැබුවා. එහෙත් දැන් බුද්ධගයාවේ ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන තිබෙනවා. චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් සබ්රුල්ලා ඛාන් ඊයේ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ බුද්ධගයාවේ සංචාරයන් දැන් ආරක්ෂා සහිත බවයි. නවදිල්ලියේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය මගින් ද මේ පිිළිබද ප්‍රකාශයක් නිකුත් කරනු ලැබුවා. මේ අනුව චෙන්නායි හි කෙනත් පාරේ පිහිටි ශ්‍රී ලංකා මහබෝධි සංගම් මධ්‍යස්ථානය වෙත ශ්‍රී ලාංකික බැතිමතුන් නැවතත් පැමිණෙන බව ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත වාර්තා කළා. ඉන්දීය මධ්‍යම රජය සහ බිහාර් ප්‍රාන්ත රජය මහබෝධි විහාරස්ථාන කළමනාකරණ මණ්ඩලයේ සහාය ඇතිව එහි වන්දනා කරන බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා නව ආරක්ෂණ පද්ධතියක් ස්ථාපිත කර තිබෙනවා. චෙන්නායි නුවරට පැමිණි ශ්‍රී ලාංකික බැතිමතෙකු ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පතට ප්‍රකාශ කර ඇත්තේ තමන් වන්දනාකරුවන් වන අතර, සාමයට ලැදි ජන කොටසක් බවයි. ලොව කොතනක වුවද ආගම, දේශපාලනය හා මුසු නොකළ යුතුයි. තමන් ඉන්දියාවට සහ ඉන්දියානුවන්ට ආදරය දක්වන අතර එහි පැමිණියේ ආදරය සහ සාමය පැතිරවීමට බවත්, ඔහු සදහන් කර තිබෙනවා. ඉදිරි සතියේ දී තවත් ශ්‍රී ලාංකික බැතිමතුන් 200කට වැඩි සංඛ්‍යාවක් මහාබෝධි වන්දනාව සඳහා චෙන්නායි හරහා පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බව ඉන්දීය පුවත්පත වැඩිදුරටත් සඳහන් කළා.