භූතානයේ බලය පාලක පක්ෂයෙන් ගිලිහෙයි.

Saturday, 13 July 2013 - 20:52

%E0%B6%B7%E0%B7%96%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%9A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%92.



භූතානයේ පැවති දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙන් එරට විපක්ෂය ජයග්‍රහණය කර ඇති බව නිල නොවන වාර්තා පෙන්වා දෙනවා. එරට පාර්ලිමේන්තුවේ ආසන 47 න් 30 ක්ම හිමිකරගෙන ඇත්තේ එරට විපක්ෂය වන මහජන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයයි. මේ වනවිට බලය හොබවන සාමය හා සෞභාග්‍යයේ පක්ෂය හිමිකරගෙන ඇත්තේ ආසන 12 ක් පමණයි. ඒ අනුව පාර්ලිමේන්තුවේ බහුතර බලයක් භූතාන විපක්ෂයට හිමිව ඇති බව විදෙස් වාර්තාවල සඳහන්.