ලංගම සේවකයන්ගෙන් භාණ්ඩාගාරයට චෝදනාවක්.

Sunday, 14 July 2013 - 7:36

%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B6%B8+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B7%E0%B7%8F%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.

දිවයින පුරා ශ්‍රී ලංගම ඩිපෝ 73 ක පසුගිය ජුනි මාසයේ වැටුප මෙතෙක් ගෙවා නොමැති බවට සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය චෝදනා කරනවා. එහි සභාපති සේපාල ලියනගේ කියා සිටියේ මෙම තත්ත්වය මත ශ්‍රී ලංගම සේවකයන් දැඩි අසරණ තත්ත්වයකට පත්ව ඇති බවයි.

[MP3]s62983_1[/MP3]

මෙම චෝදනාව සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ උප සභාපති එල්.ඒ. විමලරත්නගෙන් විමසීමක් කළා. එහිදී ඔහු කියා සිටියේ සේවකයන්ගේ වැටුප් ගෙවීම සඳහා අවශ්‍ය වන මුදලෙන් භාණ්ඩාගාරයෙන් ලබාදිය යුතු කොටස මේ වනවිටත් ලබාදී ඇති බවයි.

[MP3]s62983_2[/MP3]

මේ අතර, වැටුප් ගැටළු ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් තෙල්දෙනිය ශ්‍රී ලංගම ඩිපෝවේ සේවකයන් පිරිසක් ගසක් මත නැගී ආරම්භ කළ උපවාසයද තවමත් ක්‍රියාත්මකයි.