උසස් පෙළට තාක්ෂණවේදය අද සිට.

Monday, 15 July 2013 - 7:38

%E0%B6%8B%E0%B7%83%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B7%85%E0%B6%A7+%E0%B6%AD%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%A7.

මෙරට පාසල්වල උසස් පෙළ විෂය ධාරාව සඳහා තාක්ෂණික විෂය හඳුන්වා දීම පළමු වරට අද (15) සිදුකෙරෙනවා. එහි සමාරම්භක උත්සවය පැවැත්වෙන්නේ අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන, යෞවන කටයුතු, නිපුනතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක ඇතුළු මැති ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුරය - මිහින්තලය මහා විද්‍යාලයේදියි. මෙම වැඩසටහන යටතේ දිවයින පුරා පාසල් 242ක උසස් පෙළ විෂය ධාරාවට තාක්ෂණික විෂය හඳුන්වා දීම සිදුකෙරෙනවා. අද ආරම්භ වන මෙම වැඩපිළිවෙළ රටේ අනාගත අභියෝගයන් සඳහා තබන දැවැන්ත පියවරක් බවයි යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහ්පෙරුම හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

 
[MP3]s63043[/MP3]