එස්.බී. නාවින්නට ඇමති මෛත්‍රීපාලගෙන් පිළිතුරු.

Monday, 15 July 2013 - 18:45

%E0%B6%91%E0%B7%83%E0%B7%8A.%E0%B6%B6%E0%B7%93.+%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%A7+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%9B%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94.

පාර්ලිමේන්තුව නියෝජනය කරන කිසිදු මන්ත්‍රීවරයෙකුට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පළාත් සභා සඳහා තරග කිරීමට අවස්ථාව ලබා නොදෙන බව එහි මහලේකම් අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන පවසනවා. අමාත්‍යවරයා මේ අදහස් පළකළේ මීගමුව ප්‍රදේශයේ අද (15) පැවැති උත්සවයකට එක්වෙමින්.

[MP3]s63093_1[/MP3]                                                               

එහෙත් ජ්‍යෙෂ්ඨ අමාත්‍ය එස්.බී. නාවින්න ඊයේ (14) හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ තමන් මෙවර වයඹ පළාත් සභා මැතිවරණය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග වැදීමට සූදානම් බවයි. ඒ අනුව නාමයෝජනා භාර දෙන දිනයට පෙර දිනයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව ද ඔහු කියා සිටියා. කෙසේ වෙතත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සන්ධානයෙන් පළාත් සභා සඳහා තරග කිරීමට අවස්ථාව ලබා නොදෙන බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් ද හිරු ප්‍රවෘත්ති අංශය ජ්‍යෙෂ්ඨ අමාත්‍ය එස්.බී. නාවින්නගෙන් විමසීමක් කළා. ඊට පිළිතුරු ලබාදුන් ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා.

[MP3]s63093_2[/MP3]                                             

ජ්‍යෙෂ්ඨ අමාත්‍ය එස්.බී. නාවින්න ඊයේ (14) සිදුකළ මෙම ප්‍රකාශය පිළිබදව මාධ්‍යවේදියෙකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේනගෙන් විමසීමක් කළා. අමාත්‍යවරයා  ඊට දැක්වූයේ මෙවන් ප්‍රතිචාරයක්.

[MP3]s63093_3[/MP3]