රම්පේ, වැටකෙයියා, හබරල සහ අන්නාසි ශාඛවල ඩෙංගු කීටයන්.

Tuesday, 16 July 2013 - 12:52

%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%9A%2C+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B6%9A%E0%B7%99%E0%B6%BA%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%2C+%E0%B7%84%E0%B6%B6%E0%B6%BB%E0%B6%BD+%E0%B7%83%E0%B7%84+%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B7%83%E0%B7%92+%E0%B7%81%E0%B7%8F%E0%B6%9B%E0%B7%80%E0%B6%BD+%E0%B6%A9%E0%B7%99%E0%B6%82%E0%B6%9C%E0%B7%94+%E0%B6%9A%E0%B7%93%E0%B6%A7%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A.

බස්නාහිර සහ මධ්‍යම පළාත්වල මදුරුවන් බෝ විය හැකි ශාඛ සහ පැළෑටි පිළිබදව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සමීක්ෂණයක් සිදුකර තිබෙනවා. ගම්පහ, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමිනුයි මෙම සමීක්ෂණය සිදුකර ඇත්තේ. ස්වභාවිකව ජලය රැදෙන පැළෑටි වර්ග, බහුල වශයෙන්, මදුරුවන් බෝ කරන ස්ථාන වශයෙන් මෙම සමීක්ෂණයේ දී හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළා. බ්‍රොම්ලියා නැමැති විසිතුරු මල් වර්ග, රම්පේ, වැටකෙයියා, හබරල විශේෂ, අන්නාසි විශේෂ, කපන ලද උණ ගස් සහ ගස්බෙන මෙහිදී පරීක්ෂාවට ලක් කරනු ලැබුවා. මේ අතරින් අන්නාසි පඳුරුවල සියයට 46ක් ඩෙංගු වාහක මදුරුවන් බෝවන බවට කරුණු අනාවරණය කරගෙන තිබෙනවා. ඊට අමතරව බ්‍රොම්ලියා විශේෂවල සියයට 47ක් සහ ගස් බෙනවල සියයට 42ක් මදුරුවන් බෝවන බවටයි මෙම සමීක්ෂණයෙන් හෙළිව ඇත්තේ. අනෙකුත් මදුරු විශේෂ වන මලයා විශේෂය, රම්පේ සහ වැටකෙයියා පඳුරුවල සියයට 51ක් සහ හබරල ශාඛවල සියයට 67ක් වශයෙන් බෝ වන බවට සොයාගෙන තිබෙනවා.