සති 2ක් තුළ බෝට්ටු 24ක් හලාවත මෝයකටේ පෙරළේ.

Tuesday, 16 July 2013 - 12:54

%E0%B7%83%E0%B6%AD%E0%B7%92+2%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B7%85+%E0%B6%B6%E0%B7%9D%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94+24%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B6%AD+%E0%B6%B8%E0%B7%9D%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7%E0%B7%9A+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%85%E0%B7%9A.

හලාවත මෝයකටින් මුහුදු යාමට උත්සාහ කළ බෝට්ටුවක් ඊයේ (15) රාත්‍රියේ දී පෙරළී ධීවරයෙකු මිය ගොස් තිබෙනවා. වාරකන් කාලය තුළ හලාවත මෝයකට වැලිවලින් වැසී තිබීම මීට හේතුව බවයි ධීවරයින් පෙන්වා දෙන්නේ. මෙලෙස මිය ගොස් ඇත්තේ හලාවත - වට්ටක්කල්ලිය ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි ධීවරයෙක්. මෙම බෝට්ටුවේ ගමන් ගත් අනෙක් ධීවරයා ද සිද්ධියෙන් තුවාල ලබා ඇති අතර, ඔහු ප්‍රතිකාර සඳහා හලාවත මහරෝහල වෙත ඇතුළත් කළ බවයි හලාවත පොලීසිය සඳහන් කළේ. මේ මාසයේ ගත වූ දින කිහිපය තුළ හලාවත මෝයකටින් මුහුදු ගිය බෝට්ටු 24ක් පෙරළී ඇති අතර තවත් ධීවරයෙකු ජීවිතක්ෂයට පත්වුණා. ධීවරයින් පවසන්නේ මෙය සකස් කර දෙන ලෙස බලධාරීන්ට කොතෙක් කීවද ඉන් පලක් නොවූ බවයි.

[MP3]s63127_1[/MP3]                                                                             

ධීවරයින් එල්ල කරන මෙම චෝදනාව සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය ධීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්නගෙන් විමසීමක් කළා.
 
[MP3]s63127_2[/MP3]