සිනමා උළෙල චිත්‍රපට වාරණයත් රැගුම් පාලක මණ්ඩලයට.

Tuesday, 16 July 2013 - 12:58

%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B6%B8%E0%B7%8F+%E0%B6%8B%E0%B7%85%E0%B7%99%E0%B6%BD+%E0%B6%A0%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B4%E0%B6%A7+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B6%9C%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%9A+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7.

චිත්‍රපට උළෙල සඳහා ඉදිරිපත් කෙරෙන දේශීය චිත්‍රපටත් මින් ඉදිරියට නිරීක්ෂණයට ලක් කිරීමට ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා. දැනට ඒ සඳහා ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලයට නීතිමය ප්‍රතිපාදන නොමැති බවයි එහි සභාපති ගාමිණී සුමනසේකර ප්‍රකාශ කළේ.

බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති ප්‍රංශ චිත්‍රපට උළෙල අත්හිටුවීම එහි පාලක සභාව පසුගිය දා තීරණය කළේ ඉගිලෙන මාළුවෝ නැමැති චිත්‍රපටයේ ඇතුළත් දර්ශන මෙරට හමුදාවට හානිකර බවට පවසමින්. මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලයේ සභාපතිවරයාගෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ මෙම චිත්‍රපටය මහජන ප්‍රදර්ශනය සඳහා ප්‍රංශ තානාපති කාර්යාලයට අවසර ලබා නොදුන් බව කියා සිටියා. කෙසේ වෙතත්, දැනට සිනමා උළෙල සඳහා ඉදිරිපත් කෙරෙන චිත්‍රපට ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලයේ නිරීක්ෂණයට ලක්නොවන බවයි ඔහු තවදුරටත් සදහන් කළේ. මේ හිරු ප්‍රවෘත්ති අංශය එම මණ්ඩලයේ සභාපති ගාමිණී සුමනසේකර සමග සිදුකළ සංවාදයයි.

[MP3]s63128_1[/MP3]                                                                                  

සංජීව පුෂ්පකුමාර විසින් අධ්‍යක්ෂණය කළ ඉගිලෙන මාළුවෝ නැමැති මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය නොකිරීම නිසා ප්‍රංශ චිත්‍රපට උළෙල අත්හිටුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති කාර්යාලය ද නිවේදනයක් නිකුත් කර තිබුණා. එහි දැක්වුණේ චිත්‍රපට උළෙල අත්හිටුවීම නිසා උළෙලේ අනුග්‍රාහකයින් සහ පාර්ශවකරුවන් දුෂ්කරතා රැසකට මුහුණ දුන් බවයි. සංජීව පුෂ්පකුමාරගේ ඉගිලෙන මාළුවෝ චිත්‍රපටය සහ මෙම උළෙලේ සියලූ චිත්‍රපට සඳහා ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලයේ අනුමැතිය ලබා ගත් බව ද එම නිවේදනයේ දැක්වෙනවා.  මෙම චිත්‍රපට උළෙල සංවිධානය කිරීමේ අරමුණ දෙරට අතර මිත්‍රත්වය වැඩි දියුණු කිරීම බව ද ප්‍රංශ තානාපති කාර්යාලය ප්‍රකාශ කළේ. කෙසේ වෙතත්, ඉගිලෙන මාළුවෝ නැමැති චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය ද මේ වන විට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. එහි අරමුණු සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට කරුණු පැහැදිලි කළේ ජාතික ආරක්ෂාව පිළිබද මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල.

 
[MP3]s63128_2[/MP3]