නීතිපතිගේ පෙත්සම විභාගයට අවසර.

Tuesday, 16 July 2013 - 18:17

%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B8+%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%BB.

හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායකව තනතුරෙන් ඉවත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සම්බන්ධයෙන් නීතිපතිවරයා ගොනුකළ විශේෂ අභියාචනා පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (16) තීරණය කළා. අදාළ තේරීම් කාරක සභා වාර්තාව අහෝසි කරමින් අභියාචනාධිකරණය මීට පෙර රීට් ආඥාවක් නිකුත් කර තිබුණා. ඊට එරෙහිවයි නීතිපතිවරයා විශේෂ අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කළේ. එය සැප්තැම්බර් 26 යළි කැඳවනු ඇති.

 

කෙසේ වෙතත්, මෙම පෙත්සමට එම්.ඒ.සුමන්දිරන් සහ ජේ.සී.වැලිඅමුණ යන නීතිඥවරුන් මීට පෙර මූලික විරෝධතා ගොනුකළත්, ඒවා ප්‍රතික්ෂේප කෙරුණා. අද දිනයේ එම මූලික විරෝධතා පිළිගන්නැයි යළිත් මෝසමක් ඉදිරිපත් කළත්, එයද ප්‍රතික්ෂේප කර තිබෙනවා. මෙම මූලික විරෝධතා ඉදිරිපත් කෙරුණේ තේරීම් කාරක සභාවේ සාමාජිකයන් වූ විජිත හේරත් සහ ආර්.සම්බන්ධන් යන මන්ත්‍රීවරුන් වෙනුවෙන්. ඒ පිළිබඳව පෙත්සම් විභාගයෙන් අනතුරුව හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වු නීතිඥ එම්.ඒ.සුමන්දිරන්.

 

[MP3]s63153[/MP3]          

 

හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක තනතුරෙන් ඉවත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව නීතිවිරෝධී බව පවසමින් තවත් මූලික අයිතිවාසිකම් පෙත්සම් 04 ක්ද ශ්‍රේෂ්ඨාධිකරණයට අද ඉදිරිපත් කෙරුණා. ස්ථාවර නියෝග, නීතියක් නොවන බව පවසන පෙත්සම්කරුවන් තේරීම් කාරක සභා තීන්දුව ශූන්‍ය කරන්නැයි ඉල්ලා සිටිනවා. එම පෙත්සම් 04 ට මැදිහත්කරුවන් වීමට නීතිඥවරුන් දෙදෙනෙකු කළ ඉල්ලීමද ශ්‍රේෂ්ඨාධිකරණය අද පිළිගත්තා. අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 04 ඉදිරිපත් කළේ මහින්ද ජයසිංහ, ජානක අධිකාරී, චන්ද්‍රගුප්ත තේනුවර සහ නීතිඥ එල්මෝ පෙරේරායි.

 

ශිරාණි බණ්ඩාරණායක තනතුරෙන් ඉවත් කිරීමෙන් අනතුරුව පත් කෙරුණු නව අගවිනිසුරු මොහාන් පීරිස්ගේ පත්වීම අභියෝගයට ලක් කරමින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය අද තවත් පෙත්සමක් ගොනුකළා. එය මේ මස 25 වැනිදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළා. මෙම සියලූ පෙත්සම් සලකා බැලූවේ සලීම් මර්සුෆ්, චන්ද්‍රා ඒකනායක, සත්‍ය හෙට්ටිගේ, ඊවා වනසුන්දර සහ රෝහිණී මාරසිංහ යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේයී.

 

මේ අතර, හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක අද අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිෂන් සභාව හමුවේද පෙනී සිටියා. ඒ, ඇය නීතිවිරෝධී ලෙස වත්කම් උපයා ඇති බවට ලැබුණු පැමිණිලි මත සිදුකෙරෙන විමර්ෂණයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහායී. එහිදී පැය දෙකකට වැඩි කාලයක් අදාළ ප්‍රකාශය සටහන් කරගෙන තිබෙනවා.