නාවින්න පසු බසී - දයාසිරි එන ලකුණු.

Tuesday, 16 July 2013 - 18:26

%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%B6%E0%B7%83%E0%B7%93+-+%E0%B6%AF%E0%B6%BA%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%91%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94.



වයඹ පළාත ප්‍රමුඛ මැතිවරණ පැවැත්වෙන පළාත් සභාවන්හි මහ ඇමති අපේක්ෂකත්වය පිළිබඳ තිබූ තරගය දැන් වෙනත් මාවතකට අවතීර්ණ වී තිබෙනවා. ඒ, පාර්ලිමේන්තුව නියෝජනය කරන කිසිදු මන්ත්‍රීවරයෙකුට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පළාත් සභා සඳහා තරග කිරීමට අවස්ථාව ලබා නොදීමට එම පක්ෂය ගත් තීරණයත් සමගයි.

 

මෙම තත්ත්වය වැඩිපුර දක්නට ලැබෙන්නේ වයඹ පළාත තුළයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෙන ඇති තීරණය සමග එහි මහ ලේකම් අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන ඊයේ මීගමුවේ පැවති උත්සවයකදී මෙලෙස අදහස් පළ කළා.

 

[MP3]s63155_1[/MP3]

 

එහෙත් වයඹ පළාත් සභාව සඳහා තරග වැදීමට තමන් සූදානම් බව ජ්‍යෙෂ්ඨ අමාත්‍ය එස්.බී.නාවින්න මීට පෙර ප්‍රකාශ කර තිබුණා. ඊයේ දිනය වනවිටත් ඔහු සූදානම්ව සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත්ව වයඹ පළාත් සභාවට තරග කිරීමටයි. මීට පෙර අවස්ථා දෙකකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත්ව වයඹ පළාත් සභාවට තරග වැදුණු ඔහු සිය තීරණය වෙනස් කරනු ලැබුවේ පක්ෂයේ තීරණයට හිස නමමින්. තමන් ගත් තීරණය පිළිබඳව ජ්‍යෙෂ්ඨ අමාත්‍ය එස්.බී.නාවින්න හිරු ප්‍රවෘත්ති අංශය සමග සංවාදයකට එක්වුණා.

 

[MP3]s63155_2[/MP3]

 

මැතිවරණයක් ළංවත්ම පිල්මාරුව මෙරට දේශපාලනයේ සුලබ ලක්ෂණයක්. පසුගිය මැතිවරණ රැසකදීම විපක්ෂයේ මන්ත්‍රීවරුන් ආණ්ඩු පක්ෂයට එක්වීම දක්නට ලැබුණා. මෙවරද විසුරුවා හැර ඇති පළාත් සභාවන් සඳහා සන්ධානයෙන් තරග කිරීමට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් සූදානම් බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා.

 

[MP3]s63155_3[/MP3]

 

පක්ෂය මාරු කරන බවටත්, වයඹ මහ ඇමතිකමට තරග වදින බවටත් මේ දිනවල වැඩිපුර කතාබහට ලක්වන්නේ එක්සත් ජාතික පක්ෂ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පිළිබඳවයි. මෙලෙස පළවන වාර්තා සම්බන්ධයෙන් සත්‍ය අසත්‍යතාවය පිළිබඳ දැන ගැනීමට හිරු ප්‍රවෘත්ති අංශය කතා කළේ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාටයි.

 

[MP3]s63155_4[/MP3]

 

මන්ත්‍රීවරයා අප නඟන සියලූ කරුණු ප්‍රතික්ෂේප කළත්, දේශපාලන ක්ෂේත්‍රයේ ඔහු සම්බන්ධයෙන් පැතිර යන්නේ මන්ත්‍රීවරයා පක්ෂ මාරුවකට සැරසෙන බවයි.