එක්නැලිගොඩ බෙල්ජියමේ. - හඳුන්නෙත්ති කිව්වා. - අරුන්දික.

Wednesday, 17 July 2013 - 7:27

%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BD%E0%B7%92%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%B6%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%A2%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B7%9A.+-+%E0%B7%84%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B7%8F.+-+%E0%B6%85%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%9A.


අතුරුදන් වූවා යැයි කියන මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ බෙල්ජියමේ සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්තිද තමන්ට ප්‍රකාශ කළ බව අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ඊයේ ප්‍රකාශ කළා. ඒ, හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදී ප්‍රගීත් එක්නැලිගොඩ නඩුව විභාගයට ගත් අවස්ථාවේදීයි.

නඩුවට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දුගෙන් සාක්ෂි කැඳවීම ඊයේ (16) සිදුවුණා. එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ ප්‍රංශයේදී මාධ්‍යවේදී මංජුල වෙඩිවර්ධන විසින් තමාට එක්නැලිගොඩ පෙන්වූ බවයි. පැමිණිල්ලේ නීතිඥවරයා මන්ත්‍රීවරයාගෙන් තවදුරටත් කරුණු විමසූ විට තමන් ඒ සම්බන්ධයෙන් මෙරට ආරක්ෂාව සහ බලය පිළිබඳ ඉහළ පුද්ගලයෙකුට ඒ පිළිබඳව දැනුම්දුන් බවද ඔහු සඳහන් කළා. මේ අතර, ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති, ප්‍රගීත් එක්නැලිගොඩ බෙල්ජියමේ සිටින බවට තමන්ට ප්‍රකාශ කළ බවද අරුන්දික මන්ත්‍රීවරයා ඊයේ (16) අධිකරණය හමුවේ කියා සිටි බව එක්නැලිගොඩ පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපුල් කුමාරප්පෙරුම ප්‍රකාශ කළා. එහෙත් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති එය ප්‍රතික්ෂේප කරනවා.

[MP3]s63173_1[/MP3]

මීට අදාළ නඩුව ලබන මස 21 වැනිදා දක්වා කල් තැබුණු අතර, අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයාට එදිනට ද අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

ප්‍රගීත් එක්නැලිගොඩගේ අතුරුදන්වීම පිළිබඳව සමාජ අවධානය යළි යොමුවන්නේ පසුගිය ජුනි 05 වැනිදා අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී සිදුකළ මෙම ප්‍රකාශයත් සමගයි.

[MP3]s63173_2[/MP3]



දියණිය ඝාතනය කළ පියාට මරණ දඩුවම
Tuesday, 04 August 2020 - 19:05

තම දියණිය ඝාතනය කළ පියාට නුවරඑළිය මහා අධිකරණ විනිසුරු ප්‍රමිල... Read More

අල්ලස් ලබා ගත් ප්‍රාදේශීය සභා කාර්යාල සහායකවරයෙකුට සිරදඬුවම්
Tuesday, 04 August 2020 - 18:58

ඉඩමක් පවරා ගැනීම සඳහා ලිපියක් සකස් කරදීමට රුපියල් 2000 ක අල්ලස්... Read More

දඹුල්ලේ සම්භාහන මධ්‍යස්ථාන දෙකක් වටලයි
Tuesday, 04 August 2020 - 18:53

කොවිඩ් වසංගතය හේතුවෙන් සම්භාහන මධ්‍යස්ථාන සඳහා අවසර ලබාදී... Read More