රෝහල් කටයුතු සාමාන්‍ය පරිදි.

Wednesday, 17 July 2013 - 12:33

%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%92.

උසස්වීම් ඇතුළු ඉල්ලීම් 10 ක් මුල් කර ගනිමින් තමන් ආරම්භ කළ සංකේත වැඩවර්ජනය සාර්ථක බව රජයේ හෙද නිලධාරින්ගේ සංගමය ප්‍රකාශ කළා. අද (17) උදෑසන හතේ සිට පැය 24ක දීපව්‍යාප්ත සංකේත වැඩවර්ජනයක් ඔවුන් සැලසුම් කර ඇති අතර ඒ පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වන එහි සභාපති සමන් රත්නප්‍රිය.

[MP3]s63202_1[/MP3]                                                                        

එහෙත්, මෙම වැඩවර්ජනය සම්පූර්ණයෙන්ම අසාර්ථක බවයි සමස්ත ලංකා හෙද සංගමය ප්‍රකාශ කරන්නේ. රෝහල්වල කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බව එහි සභාපති එස්.බී. මැදිවත්ත කියා සිටියා.

[MP3]s63202_2[/MP3]                                                                

කෙසේ වෙතත්, හිරු ප්‍රවෘත්ති අංශය රෝහල් වල වැඩකටයුතු සම්බන්ධයෙන් අදාළ රෝහල් බලධාරින්ගෙන් ද විමසීමක් කළා. කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළේ ජාතික රෝහලේ වැඩකටයුතු කිසිදු බාධාවකින් තොරව සිදුවන බවයි.

[MP3]s63202_3[/MP3]                                                                                     

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී මහනුවර සහ කරාපිටිය ශික්ෂණ රෝහල්වල බලධාරින්ද ප්‍රකාශ කළේ හෙද වර්ජනයක් ක්‍රියාත්මක වුවත් රෝහල් කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවයි. හෙද හෙදියන් සීමිත ප්‍රමාණයක් පමණක් සේවයට වාර්තා කර නොමැති බව එම රෝහල් ප්‍රකාශකයන් සඳහන් කළා.