පදියතලාවේ මහවැලි ගොවීන් උද්ඝෝෂණයක.

Thursday, 18 July 2013 - 12:47

%E0%B6%B4%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%AD%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B8%E0%B7%84%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92+%E0%B6%9C%E0%B7%9C%E0%B7%80%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B6%AF%E0%B7%8A%E0%B6%9D%E0%B7%9D%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A.

අම්පාර - පදියතලාව මහවැලි ගොවීන් පදියතලාව නගර මධ්‍යයේදී අද (18) පෙරවරුවේ උද්ඝෝෂණයක නිරත වුණා. පදියතලාවේ ගම්මාන 5 ක පාරම්පරික මහවැලි වගා ඉඩම් මහවැලි අධිකාරිය විසින් අත්පත් කර ගැනීමට විරෝධය පළ කරමින් මෙලෙස උද්ඝෝෂණයේ නිරත වන බවයි ගොවීන් කියා සිටියේ. පාරම්පරික බෝග වගාවන් සඳහා යොදා ගන්නා ඉඩම් රබර් වගාව සඳහා පවරා ගැනීමට මහවැලි අධිකාරිය කටයුතු කරන බවටයි ගොවීන් චෝදනා කළේ.  

 
[MP3]s63271[/MP3]

 
ගොවීන් එල්ල කරන මෙම චෝදනාව සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය පදියතලාව මහවැලි නේවාසික ව්‍යාපෘති කාර්යාලයෙන් විමසීමක් කළා. එහිදී එම කාර්යාලයේ උසස් නිලධාරියෙකු කියා සිටියේ අදාළ මහවැලි ඉඩම් සඳහා විධිමත් ඔප්පු ලබාදීමේ අරමුණින් මැනුම් කටයුතු සිදුකරන බවයි. එහෙත්, රබර් වගාව සඳහා බලෙන් ඉඩම් අත්පත් කරගැනීමක් කිසිසේත් සිදුනොකරන බව ඔහු තවදුරටත් කියා සිටියා.