ආනන්ද සංගරී දෙමළ සන්ධාන රැස්වීම් වර්ජනයේ.

Thursday, 18 July 2013 - 12:50

%E0%B6%86%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%BB%E0%B7%93+%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A.

උතුරු පළාත් සභා මැතිවරණයේ දෙමළ සන්ධාන අපේක්ෂකයන් තේරීමේ ගැටලූවක් මතුව ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා. උතුරු පළාතේ දිස්ත්‍රික්ක 5 සඳහා අපේක්ෂකයන් තෝරා ගැනීමට දෙමළ සන්ධාන සම්බන්ධීකරණ කමිටුව යාපනයේ මාටින් පාරේ පිහිටි පක්ෂ කාර්යාලයේදී ඊයේ රැස් වුණා. පැය 3 කට වැඩි කාලයක් එම සාකච්ඡාව පැවැත්වුණද එකඟතාවකට පැමිණීමට දෙමළ සන්ධානයේ දේශපාලන පක්ෂවල නියෝජිතයන් අසමත් වූ බව සඳහන්. මෙහිදී කැපී පෙනෙන සිද්ධියක් වන්නේ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ මෙම රැස්වීමට සහභාගි නොවීමයි. ඉන්දියාවේ සංචාරයක නිරත වූ එම පෙරමුණේ නායක වී. ආනන්ද සංගරී ඊයේ දිවයිනට පැමිණි අතර, අද පස්වරුවේ යාපනයට පැමිණෙනු ඇති. අපේක්ෂකයන් තෝරා ගැනීම සඳහා දෙමළ සන්ධානයේ එක් එක් දේශපාලන පක්ෂවල නියෝජිතයන් දෙදෙනෙකු බැගින් ඇතුළත් කමිටුවක් පත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ. ඊට අමතරව, දෙමළ සන්ධාන නායක ආර්.සම්බන්ධන්ට ද නාමයෝජනා කමිටුවේ අසුනක් හිමිවනවා. දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ, තමිල් අරුසු පක්ෂය, ඊ.පී.ආර්.එල්.එෆ්., ෆ්ලොට් සහ ටෙලෝ දෙමළ සන්ධානයට අයත් පක්ෂ පහයි. ඊයේ (17) පැවති සාකච්ඡාවට මාවෙයි සේනාධිරාජා සහ ඬේවිඞ් නාගනාදන් තමිල් අරුසු පක්ෂය වෙනුවෙන් සහභාගි වූ අතර, ඉන්දියාවේ චාරිකාවක නිරත වීම නිසා, එහි නායක ආර්.සම්බන්ධන් ද ඊට සහභාගි වූයේ නැහැ. ඊයේ පැවති නාමයෝජනා කමිටු රැස්වීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායක වී.ආනන්ද සංගරී.

 
[MP3]s63273[/MP3]