මැ.කො.ගෙන් විශේෂ චක්‍රලේඛයක්.

Thursday, 18 July 2013 - 13:13

%E0%B6%B8%E0%B7%90.%E0%B6%9A%E0%B7%9C.%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%A0%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BD%E0%B7%9A%E0%B6%9B%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය විසින් ජනාධිපති ලේකම්වරයා ඇතුළු සියලූම අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ සංස්ථා ප්‍රධානීන්ට විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව උතුර, වයඹ සහ මධ්‍යම පළාත් සභා ඡන්ද විමසීම සිදුකෙරෙන කාලසීමාව තුළ රාජ්‍ය සේවක ස්ථානමාරු, උසස්වීම් සහ පත් කිරීම් සිදුනොකරන ලෙසයි දැනුම්දී ඇත්තේ. මැතිවරණ මහලේකම් කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඡන්ද කාලසීමාව තුළ මැතිවරණ කොමසාරිස්වරයාට පවතින බලතල අනුව මෙවැනි චක්‍රලේඛයක් නිකුත් කර ඇති බවයි. එමෙන්ම රජයේ දේපල සහ වාහන අයථා මැතිවරණ කටයුතුවලට යොදා නොගන්නා ලෙස ද මැතිවරණ කොමසාරිස්වරයා දැනුම්දී තිබෙනවා.

 

මේ අතර, රාජ්‍ය දේපල අයථා අන්දමින් යොදා ගැනීමෙන් වළකින ලෙසට පැෆරල් සංවිධානය සියලූම රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගෙන් සහ පක්ෂ ලේකම්වරුන්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරන එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි.

 
[MP3]s63274[/MP3]