මැඞ්රාස් කැෆේ චිත්‍රපටයට චෙන්නායිහිදී විරෝධතා.

Friday, 19 July 2013 - 7:59

%E0%B6%B8%E0%B7%90%E0%B6%9E%E0%B7%8A%E0%B6%BB%E0%B7%8F%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B7%86%E0%B7%9A+%E0%B6%A0%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B4%E0%B6%A7%E0%B6%BA%E0%B6%A7+%E0%B6%A0%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%AF%E0%B7%93+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F.


 
ඉන්දීය චිත්‍රපටි අධ්‍යක්ෂ සෞදිත් ශ්‍රී හාර් විසින් අධ්‍යක්ෂණය කළ මැඞ්රාස් කැෆේ නම් හින්දි චිත්‍රපටයට එරෙහිව චෙන්නායි පොලිස් කොමසාරිස්වරයා වෙත පෙත්සමක් ඉදිරිපත් වී තිබෙනවා. තමිල්නාඩු කොටි හිතවාදී චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන සීමාන්ගේ නාම් තමිලර් දේශපාලන පක්ෂය විසිනුයි මෙම පෙත්සම ඊයේ (18) යොමුකර ඇත්තේ. මෙම චිත්‍රපටය මගින් එල්.ටී.ටී.ඊ සංවිධානය ත්‍රස්ත සංවිධානය ලෙස හැඳින්වීමයි ඔවුන්ගේ උදහසට ලක්වී ඇත්තේ. එල්.ටී.ටී.ඊ. ය දේශපාලන සංවිධානයක් බවත්, ඊට අපහාස වන අන්දමින් තැනූ එම චිත්‍රපටය තහනම් කරන ලෙසත් පෙත්සම්කරුවන් ඉල්ලා තිබෙනවා. දෙමළ ඊලාම් ශිෂ්‍ය සංවිධානය විසින් ද මෙම චිත්‍රපටය තහනම් කරන ලෙස මීට පෙර පෙත්සමක් ගොනුකළා. මැඞ්රාස් කැෆේ චිත්‍රපටයේ ප්‍රධාන රංගන ශිල්පියා වන්නේ සුප්‍රකට බොලිවුඞ් නළු ජෝන් ඒබ්‍රහම්.