මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් කොලොන්නාව සංවර්ධන කමිටුව රැස්වේ.

Friday, 19 July 2013 - 8:18

%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%86%E0%B6%BB%E0%B7%8A.+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%9A.

කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සංවර්ධන කමිටු රැස්වීම ඊයේ කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. ඒ, සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.දුමින්ද සිල්වාගේ ප්‍රධානත්වයෙන්. කොලොන්නාව සංවර්ධන කමිටු රැස්වීම ඊයේ (18) පැවැත්වුණේ කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පවතින සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ ගැටළු සාකච්ඡා කිරීමටයි. පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාගේ පැමිණීමත් සමග සභාවේ කටයුතු ආරම්භ වුණේ ආගමික වතාවත්වලට මුල්තැන දෙමින්. පැමිණ සිටි සංවර්ධන කමිටු නියෝජිතයින් එහිදී සභාපතිවරයාට තම යෝජනා ඉදිරිපත් කළ අතර, මන්ත්‍රීවරයා ජනතාවගේ ගැටළු විසඳීමට පියවර ගත්තේ මෙලෙසින්.

[MP3]s63324_1[/MP3]

පැමිණ සිටි පිරිස අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.දුමින්ද සිල්වා පැවසුවේ තම මූලික ඉලක්කය ස්ථිර නිවාස නොමැතිව දුක් විඳින ජනතාව වෙනුවෙන් නව නිවසක් ලබාදීම බවයි.

[MP3]s63324_2[/MP3]
මත්ද්‍රව්‍ය උවදුර පිළිබඳවද මන්ත්‍රීවරයා මෙහිදී අදහස් දක්වා සිටියා.

[MP3]s63324_3[/MP3]