හිටපු ඞී.අයි.ජී. වාස් යලි රිමාන්ඞ්.

Friday, 19 July 2013 - 13:18

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%9E%E0%B7%93.%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%A2%E0%B7%93.+%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BD%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%9E%E0%B7%8A.

කෝටිපති ව්‍යාපාරික මොහොමඞ් සියාම් පැහැර ගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු සැකකරුවන් 7 දෙනා අගෝස්තු පළමුවැනිදා දක්වා තවදුරටත් රිමාන්ඞ් භාරයට පත් කර තිබෙනවා. ඒ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එම්.එම්.සහබ්දීන් හමුවේ එම නඩුව අද යළිත් කැඳවූ අවස්ථාවේයි.

 

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන සහ ඔහු යටතේ රාජකාරි කළ පොලිස් නිලධාරින් ඇතුළු සැකකරුවන් 7 දෙනා බන්ධනාගාර නිලධාරින්ගේ විශේෂ ආරක්ෂාව යටතේ අද අධිකරණයට ඉදිරිපත් කළා. පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරි ශානි අබේසේකර පරීක්ෂණයේ ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ද අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

 

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥ වසන්ත පෙරේරා මෙහිදී විශේෂ කරුණක් අනාවරණ කළා. මීට පෙර නඩු දිනයේදී වාස් ගුණවර්ධන ඇතුළු සැකකරුවන් 3 දෙනෙකු වෙනුවෙන් නීතීඥයන් කරුණු දැක්වූ නමුත්, සැකකරුවන් විසින් එම නීතීඥයන්ට පෙනී සිටීමට අදාළ උපදෙස් ලබා දී නොමැති බවයි. ඒ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ගෙන් මේ සම්බන්ධයෙන් විමසීමක් කළා. ඔවුන් ප්‍රකාශ කළේ ද තමන් එදින එම නීතීඥයන්ට පෙනී සිටින ලෙසට උපදෙස් නොදුන් බවයි. පෙර නඩු දිනයේදී නීතීඥ අජිත් පතිරණගේ උපදෙස් පරිදි එසේ පෙනී සිටියේ අනුර සෙනෙවිරත්න නමැති නීතීඥවරයෙක්.

 

අද දිනයේ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙනුවෙන් ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය පෙනී සිටියා. ඔහු පැවසුවේ ඉහත සිද්ධිය පිළිබඳ ලිඛිත කරුණු දැක්වීමක් ඉදිරියේදී සිදුකරන බවයි. සැකකාර පොලිස් නිලධාරින් 3 දෙනෙකුගේ නිලඇඳුම් ඞී.එන්.ඒ පරීක්ෂණයක් සඳහා යොමුකරන ලෙස රහස් පොලිසිය අද කළ ඉල්ලීමට අධිකරණය අවසර දුන්නා.

 

සැකකරුවන් අද යළිත් බන්ධනාගාර රථයේ රැගෙන යද්දී ඔවුන්ගේ ආධාරකරුවන් පිරිසක් ද එම ස්ථානයේ රැදී සිටිමින් මාධ්‍යවේදීන් වෙත විවිධ ප්‍රකාශයන් කළ බව අප වාර්තාකරු කියා සිටියා.