නිදහස් පක්ෂ පළාත් පාලන සභාපතිවරුන් කොළඹට කැඳවයි.

Saturday, 20 July 2013 - 12:48

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9%E0%B6%A7+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B6%BA%E0%B7%92.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පළාත් පාලන ආයතනවල සභාපතිවරුන් 275 දෙනා මේ මස 31 වන දා කොළඹට කැදවීමට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබෙනවා. ඊයේ (19) පස්වරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී එය රැස්වූ අතර පසුගිය දිනවල පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් පැන නැගුණු ගැටළු ගැන දීර්ඝ වශයෙන් එහිදී සාකච්ඡා කෙරුණා. ඒ අනුව දැනට විවිධ චෝදනාවන්ට ලක්ව සිටින පළාත් පාලන ආයතනවල සභාපතිවරුන් සහ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබදව අවධානය යොමු වූ බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළේ. නැවත එවැනි සිදුවීම් වළක්වා ගැනීම සහ රජයේ කීර්ති නාමය ආරක්ෂා කර ගැනීම එහි අරමුණයි.

 

ඒ අනුව, මේ මස 31 වන දා ඔවුන් සියලූ දෙනා කොළඹට කැදවා උපදෙස් ලබාදීමට සහ චෝදනා එල්ල වී ඇති පුද්ගලයන් සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම්. මෙම රැස්වීම පැවැත්වෙන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

 

පළාත් පාලන නියෝජිතයන්ගේ ඇතැම් ක්‍රියාකාරකම් නිසා රජය අපහසුතාවයට පත්වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන පසුගිය දා ප්‍රකාශ කළේ මෙවැනි පියවරක් පිළිබද ඉඟියක් ද පළ කරමින්.

 
[MP3]s63413[/MP3]