ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයින්ට ආරාධනා.

Saturday, 20 July 2013 - 12:45

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%86%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F.

උතුරු, මධ්‍යම, වයඹ පළාත් සභා මැතිවරණ නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර නිරීක්ෂකයින් වෙත ආරාධනා පත් මැතිවරණ ලේකම් කාර්යාලය විසින් ඊයේ (19) යොමු කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාව සාමාජිකත්වය දරනු ලබන සංවිධානවලට අයත් රටවල් සඳහා මෙම ආරාධනාව සිදුකළ බවයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ. පොදුරාජ්‍ය මණ්ඩලය, ආසියානු මැතිවරණ නිරීක්ෂකයින්ගේ සංගමය, සාක් කලාපයට අයත් සාමාජික රටවල මැතිවරණ නිරීක්ෂකයින්ට ඒ අනුව ආරාධනා සිදුකළ බව ඔහු වැඩිදුරටත් සදහන් කර සිටියා.

 

කෙසේ වුවත්, ජිනිවා මානව හිම්කම් සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහිව ජන්දය භාවිත කළ රටවල්වලට නිරීක්ෂණය සදහා ආරාධනා නොකරන බවට පැතිරී යන ප්‍රකාශයේ සත්‍යයක් නොමැති බවයි මැතිවරණ කොමසාරිස්වරයා වැඩිදුරටත් සදහන් කළේ. මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා ආරාධනා කිරීමේදී ජිනිවා මානව හිමිකම් සමුළුවේ දී ශ්‍රී ලංකාවට පක්ෂව හෝ විපක්ෂව ජන්දය ලබාදීම අදාළ නොවන බව මැතිවරණ කොමසාරිස්වරයා අවධාරණය කළා.