මහේස්ත්‍රාත්වරයෙකුට ලැබුණු ව්‍යාජ නෝට්ටුවක් ගැන පරීක්ෂණ.

Saturday, 20 July 2013 - 18:55

%E0%B6%B8%E0%B7%84%E0%B7%9A%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%A2+%E0%B6%B1%E0%B7%9D%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB.

තමාට ලැබුණු ව්‍යාජ මුදල් නෝට්ටුවක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලෙස ඉල්ලා අඟුණුකොලපැලැස්ස මහේස්ත්‍රාත්වරයා හෝමාගම පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඊයේ (19) පස්වරුවේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ තම නිල රථයෙන් පැමිණි මහේස්ත්‍රාත්වරයා කොට්ටාව පිවිසුම් දොරටුවේදී රුපියල් දහසේ නෝට්ටුවක් ලබාදී ඇත්තේ තම ගමන්වාරයට අදාළ මුදල ගෙවීම සඳහායි. එහෙත් එය ව්‍යාජ නෝට්ටුවක් බව අනාවරණ වී තිබෙනවා. ඒ අනුව, මහේස්ත්‍රාත්වරයා ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කර ඇති අතර, ඊයේ (19) අඟුණුකොලපැලැස්සේ රජයේ බැංකුවකින් තමන් චෙක්පතක් මාරු කළ පසු රුපියල් 14,000 ක මුදලක් සමඟ තමන්ට ලැබුණ බව ද එහි සඳහන්. චෙක්පත මහේස්ත්‍රාත්වරයා වෙනුවෙන් මාරු කරගෙන විත් ඇත්තේ අධිකරණ සේවකයෙකු විසින්. කෙසේ වෙතත්, මෙම මුදල් නෝට්ටුව සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.

පසුගිය ජුලි 14 වැනිදාද දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුමේදී මුදල් ගෙවීම සඳහා ලබාදුන් රුපියල් පන්සියයේ නෝට්ටුවක් ව්‍යාජ නෝට්ටුවක් ලෙස හඳුනා ගැනීමෙන් ගැටළුකාරී තත්ත්වයක් මතුවුණා. එම නෝට්ටුව ලබාදී තිබුණේ බැංකු නිලධාරිනියක් විසින්. කෙසේ වෙතත්, එය ව්‍යාජ නෝට්ටුවක් ලෙස යන්ත්‍රයේ සටහන් වූවත්, පසුව හෙළිවුණේ එය එවැනි නෝට්ටුවක් නොවන බවයි. මුදල් නෝට්ටුව සේදීගොස් තිබීම හේතුවෙන් එලෙස සටහන් වූ බව පසුව අනාවරණය වුණා. කෙසේ වෙතත්, මෙම යන්ත්‍රවල යම්කිසි දෝෂයක් පවතින්නේ දැයි හිරු ප්‍රවෘත්ති අංශය මහාමාර්ග ව්‍යාපෘති අමාත්‍ය නිර්මල කොතලාවලගෙන් විමසීමක් කළ අතර, ඔහු කියා සිටියේ එවැනි කිසිදු දෝෂයක් මුදල් පරීක්ෂණ යන්ත්‍රවල නොමැති බවයි.

ව්‍යාජ මුදල් නෝට්ටු ජනතාව අතර සංසරණය වීම මේ වනවිට බරපතල ගැටළුවක් බවට පත්ව තිබෙනවා. සාමාන්‍ය ජනතාවට ව්‍යාජ මුදල් නෝට්ටුවක් පහසුවෙන් හඳුනාගත හැක්කේ කෙසේ ද ? අප මේ පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ධර්ම ධීරසිංහගෙන් විමසීමක් කළා.
 
[MP3]s63435[/MP3]       



දියණිය ඝාතනය කළ පියාට මරණ දඩුවම
Tuesday, 04 August 2020 - 19:05

තම දියණිය ඝාතනය කළ පියාට නුවරඑළිය මහා අධිකරණ විනිසුරු ප්‍රමිල... Read More

අල්ලස් ලබා ගත් ප්‍රාදේශීය සභා කාර්යාල සහායකවරයෙකුට සිරදඬුවම්
Tuesday, 04 August 2020 - 18:58

ඉඩමක් පවරා ගැනීම සඳහා ලිපියක් සකස් කරදීමට රුපියල් 2000 ක අල්ලස්... Read More

දඹුල්ලේ සම්භාහන මධ්‍යස්ථාන දෙකක් වටලයි
Tuesday, 04 August 2020 - 18:53

කොවිඩ් වසංගතය හේතුවෙන් සම්භාහන මධ්‍යස්ථාන සඳහා අවසර ලබාදී... Read More