නිදි පෙති, මත්පැන්වලට. කොස්ගම නිදි පෙති ජාවාරමෙන් හෙළිවෙයි.

Sunday, 21 July 2013 - 13:00

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%92+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%92%2C+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B6%A7.+%E0%B6%9A%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B6%B8+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%92+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%92+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.

මත්පැන්වලට නිදි පෙති මිශ්‍ර කිරීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අනාවරණය කරගෙන තිබෙනවා. පසුගිය 19 වැනිදා කොස්ගම ප්‍රදේශයේදී නිදි පෙති ලක්ෂ දෙකක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන අමාත්‍යාංශ බලධාරීන්ට උපදෙස් දුන් අතර එහිදී හෙළිවී ඇත්තේ මෙම නිදි පෙති මත්පැන්වලට මිශ්‍ර කිරීම සඳහා යොදාගෙන ඇති බවයි. නිදි පෙති තොගය ළඟ තබාගත් පුද්ගලයාගේ ඥාතියෙකු  රා විකිණීමේ කටයුතුවල නිරතවන අතර ඔහු විසින් රා ලීටර 2 500 කට නිදි පෙති දහස බැගින් මිශ්‍ර කර එහි මත්වීමේ ස්වභාවය වැඩිකර ඇති බවටත් තොරතුරු හෙළිව තිබෙනවා.

කිරිඳිවැල ප්‍රදේශයේ එසේ පවත්වාගෙන ගිය රා විකිණීමේ මධ්‍යස්ථානයක් වටලා ඇති අතර ඒ වනවිටත් විශාල පිරිසක් රා බීම සඳහා පැමිණ සිටි බවට තොරතුරු අනාවරණය වුණා. සෙසු රාවලට වඩා මෙහි මත්වීමේ ස්වභාවය වැඩි නිසා ඊට ප්‍රදේශයේ විශාල ඉල්ලූමක් පවතින බව පරීක්ෂණ කණ්ඩායම් විසින් හෙළිකරගෙන ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.
 
එමෙන්ම ජාතික ඖෂධ අධිකාරියේ ලියාපදිංචි කොළඹ දිස්ත්‍රික්කයේ එක්තරා තොග ඖෂධ සැපයුම්කරුවෙකු අත්අඩංගුවේ පසුවන සැකකරුට මෙම නිදි පෙති ලබාදී තිබෙනවා. ඒ අනුව අදාළ තොග සැපයුම්කරුගේ බලපත්‍රය වහාම අහෝසි කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා ජාතික ඖෂධ අධිකාරියේ අධ්‍යක්‍ෂ වෛද්‍ය හේමන්ත බෙණරගමට උපදෙස් ලබාදී ඇති බව සඳහන්. එමෙන්ම මොහුට විරුද්ධව නඩු පැවරීමටද සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. නිදි පෙති මත්පැන්වලට මිශ්‍ර කිරීම මගින් එම පුද්ගලයින් ඔවුන් නොදැනුවත්වම ඒවාට ඇබ්බැහි වී විවිධ සංකූලතාවලට මුහුණ දෙන බවයි අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.