බෙල්ජියම් රජු කිරුළ පුතුට භාර දෙයි.

Sunday, 21 July 2013 - 15:51

%E0%B6%B6%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%A2%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A2%E0%B7%94+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B7%85+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%A7+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92.

බෙල්ජියමේ දෙවන ඇල්බට් රජු සිය කිරුළ තම පුතු වන ෆිලීපේ කුමරුට අද (21) නිළ වශයෙන් පවරනු ලැබුවා. 79 හැවිරිදි ඇල්බට් රජු සිය කිරුළ පුතු වෙත භාර දෙමින් කියා සිටියේ බෙල්ජියම තවදුරටත් යුරෝපය දිරිගැන්වීමේ මූලාශ්‍රයක් වනු ඇති බවයි. සිය 53 හැවිරිදි පුතුට සහාය වන ලෙස ද ඔහු බෙල්ජියම්වාසීන්ගෙන් ඉල්ලීමක් කළා. බෙල්ජියානු නෙදර්ලන්ත බස කතා කරන උතුරුකරය සහ ප්‍රංශ බස භාවිතා කරන රටේ දකුණු ප්‍රදේශය තවදුරටත් එක්සත්ව පවතිනු ඇතැයි ඔහු විශ්වාසය පළ කළා. 20 වසරක් බෙල්ජියමේ කිරුළ දැරූ ඇල්බට් රජු එම තනතුරෙන් ඉවත්ව ගියේ එරට ජාතික දිනයේදී වීම විශේෂත්වයක්. බ්‍රිතාන්‍යයේ අධ්‍යාපනය ලැබූ ගුවන් හමුදා ගුවන් නියමුවෙකු ද වන ෆිලීපේ බෙල්ජියමේ 7 වන රජු ලෙසයි කිරුළු පැළදුවේ.