බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු නියෝජිත පිරිස අද දිවයිනට.

Monday, 22 July 2013 - 7:57

%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%92%E0%B6%AD+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83+%E0%B6%85%E0%B6%AF+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7.

ජිනීවා යෝජනාවන්ට අනුකූලව ශ්‍රී ලංකාව ස්වේච්ඡාවෙන් ක්‍රියා නොකරන්නේ නම් ඊට එරෙහිව ඒකාබද්ධ ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව බ්‍රිතාන්‍ය රජය පවසනවා. එරට විදේශ සහ පොදු රාජ්‍ය මණ්ඩලීය කටයුතු ලේකම් ඇලිස්ටෙයාර් බර්ට් මේ බව සඳහන් කර තිබෙනවා. එරට විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීනි කෙරී මැකාති විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනුයි පොදු රාජ්‍ය මණ්ඩලීය ලේකම්වරයා මේ බව සඳහන් කර ඇත්තේ. එහිදී ඇලිස්ටෙයාර් බර්ට් පෙන්වා දෙන්නේ වගවීමේ ක්‍රියාදාමය, සංහිඳියා වැඩපිළිවෙල සහ ශ්‍රී ලංකාවේ වර්තමාන මානව හිමිකම් තත්ත්වය වැනි ක්‍ෂේත්‍රයන් බ්‍රිතාන්‍යයේ නිබඳ අවධානයට ලක්වන බවයි. ඒ අනුව පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවට පෙර මෙම ක්‍ෂේත්‍රයන්හි වර්ධනයක් පෙන්නුම් කළ යුතු බවයි ඔහු පෙන්වා දී ඇත්තේ. ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය ප්‍රමාණවත්ද නැද්ද යන්න පිළිබඳව ජාත්‍යන්තරයේ අවධානය යොමු කරන බවයි.

 
මේ අතර ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සොයාබැලීම සඳහා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු නියෝජිත කණ්ඩායමක් අද (22) දිවයිනට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. එහි ලේකම් කරුණාතිලක අමුණුගම සඳහන් කළේ ඔවුන් මෙරට රැඳී සිටින කාලසීමාවේදී දිවයිනේ විවිධ ප්‍රදේශවල සංචාරය කිරීමට නියමිතව ඇති බවයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, කථානායක චමල් රාජපක්ෂ සහ විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්. පීරිස් සමගද ඔවුන් අදහස් හුවමාරු කරගැනීමට නියමිතයි. විපක්ෂ නායකවරයා ඇතුළු අනෙකුත් දේශපාලනඥයන් සමගද ඔවුන් සාකච්ඡා කරනු ඇති.