පළාත් කිහිපයකට අද දිනයේත් ගිගුරුම් සහිත වැසි.

Monday, 22 July 2013 - 8:49

%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%85%E0%B6%AF+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B7%92%E0%B6%AD+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92.

දිවයිනේ පළාත් කිහිපයකට අද දිනයේදීත් ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ දකුණු පළාත්වලට මෙම වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ පබෝධනී කරුණාපාල හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ. මීට අමතරව හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු තීරයේ සහ පුත්තලම සිට යාපනය හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු තීරයේ සුළං වේගය විටෙක පැයට කිලෝමීටර් 60 දක්වා වර්ධනය විය හැකි බවයි ඇය පෙන්වා දුන්නේ.

 
[MP3]s63517[/MP3]