උතුරේ මහඇමති තෝරන්නේ මමයි. - ඩග්ලස් දේවානන්දා.

Monday, 22 July 2013 - 18:26

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%B8%E0%B7%84%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%AD%E0%B7%9D%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B8%E0%B6%B8%E0%B6%BA%E0%B7%92.+-+%E0%B6%A9%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B6%AF%E0%B7%9A%E0%B7%80%E0%B7%8F%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8F.

උතුරු පළාත් සභා මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහණය කළහොත්, පත්වන ප්‍රධාන අමාත්‍යවරයාව තීරණය කරනු ලබන්නේ තමන් බව ඊ.පී.ඞී.පී. නායක අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පවසනවා. බ්‍රිතාන්‍යයේ ගුවන් විදුලියේ දෙමළ සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර තිබෙනවා. ඩග්ලස් දේවානන්දා අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ උතුරේ බහුතර බලය හිමි තමන්ට ප්‍රධාන අමාත්‍යවරයා පත් කිරීමේ බලය තිබිය යුතු බවයි.

[MP3]s63550_1[/MP3]

මේ අතර මෙවර පළාත් සභා මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය යටතේ තමන් කිලිනොච්චි දිස්ත්‍රික්කයට තරග වදින බව ටී.යූ.එල්.එෆ් හෙවත් දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, වී.ආනන්ද සංගරී පවසනවා. දෙමළ ජාතික සන්ධානයේ මහඇමති අපේක්ෂක ලෙස සී.වී.විග්නේෂ්වරන් පත් කිරීම සම්බන්ධයෙන් ආනන්ද සංගරී මීට පෙර විරෝධය පළ කළා. මේ වනවිට එම ගැටලූ තමන් නිරාකරණය කර ගත් බවයි ඔහු හිරු ප්‍රවෘත්ති අංශයට  සඳහන් කළේ.

[MP3]s63550_2[/MP3]