යාපනයේ TNA නායකයෙක් නිදහස් පක්ෂයෙන් උතුරේ ජන්දයට.

Tuesday, 23 July 2013 - 12:56

%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+TNA++%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA%E0%B6%A7.



යාපනය මහනගර සභාවේ විපක්ෂ නායක ලෙස කටයුතු කළ නීතිඥ මුඩියප්පු රෙමීඩියස් උතුරු පළාත් සභා ජන්ද විමසීමේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කිරීමට තීරණය කර තිබෙනවා. 2009 වසරේ පැවැති පළාත් පාලන මැතිවරණය දෙමළ ජාතික සන්ධානය යටතේ තරග කර යාපනය මහනගර සභාවේ විපක්ෂ නායකවරයා ලෙස තේරී පත්වුණා. පසුව ඔහු ඉන් ඉවත් වී ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙසයි කටයුතු කළේ. මෙවර මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග කිරීමට ගත් තීරණය පිළිබදව පැහැදිලි කරන මුඩියප්පු රෙමීඩියස්.  

[MP3]s63584_1[/MP3]

මෙවර පළාත් සභා මැතිවරණයේ දී ආණ්ඩුවේ පළාත් සභා මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු එක්සත් ජාතික පක්ෂ ලැයිස්තුවෙන් තරග කරන බව එම පක්ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසනවා. ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද (23) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

[MP3]s63584_2[/MP3]