රාජ්‍ය ආයතන 15 ක් පාඩුයි. - ඉන් 98% ක්ම ආයතන 04 කින්.

Tuesday, 23 July 2013 - 18:54

%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%86%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1+15+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%A9%E0%B7%94%E0%B6%BA%E0%B7%92.+-+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A+98%25+%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8+%E0%B6%86%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1+04+%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A.

රාජ්‍ය ආයතන 15 ක් 2011 වසරේදි අඛන්ඩව පාඩු ලබා ඇති බව සහ එම පාඩුවෙන් සියයට 98 කම පාඩුවක් රාජ්‍ය ආයතන 4 කින් ලබා ඇති බව අද (23) අනාවරණය වුණා. ඒ, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු කෝප් කමිටු වාර්තාවට අනුවයි. මෙම රාජ්‍ය ආයතන 15න් 14 ක් 2009 වසරේ සිටම අඛණ්ඩව පාඩු ලැබීමද විශේෂත්වයක්. රාජ්‍ය ආයතනවල අක්‍රමිකතා සහ දූෂණ පිළිබඳව සොයා බලන පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හෙවත් කෝප් කමිටු වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ එහි සභාපති ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඩිව් ගුණසේකර විසින්.

මෙලෙස අද ඉදිරිපත් කළේ පොදු ව්‍යාපාර පිළිබද පාර්ලිමේන්තු කාරක සභාවේ අවසන් වාර්තාවයි. රාජ්‍ය ආයතන 244 ක විමර්ශන කටයුතු කෝප් කමිටුවට පැවරී තිබුණු අතර ඉන් 32 ක් පිළිබඳව වාර්තාවක් පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා. ඉතිරි ආයතන 212 පිළිබඳ වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. රාජ්‍ය ආයතන 15 ක් අඛණ්ඩව පාඩු ලබන බවයි අද එළි දැක්වුණු වාර්තාවෙන් හෙළිවී ඇත්තේ. පාඩු ලබන ආයතන සඳහා කෝප් කමිටුව මගින් යෝජනා 20 ක් ඉදිරිපත් කර ඇති අතර ඒවා අතරට මූල්‍ය පාලනය සිදුකරන ආකාරය පිළිබඳව කරුණු ද ඇතුළත්.

කෝප් කමිටුවෙන් හෙළිවූ පාඩු ලබන රජයේ ප්‍රධානතම ආයතන 4 පිළිබඳව වාර්තාව ඉදිරිපත් කිරීමෙන් පසු පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මාධ්‍ය හමුවකදී කමිටුවේ සභාපති ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඩිව් ගුණසේකර මෙලෙස කරුණු හෙළි කළා.

[MP3]s63612_1[/MP3]                                             

මාධ්‍ය හමුවට එක්වූ කමිටුව නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න කියා සිටියේ රාජ්‍ය ආයතනවලට ප්‍රධානීන් පත් කිරීමේදී ඒ සඳහා සුදුසුකම් ලත් පුද්ගලයන් පත් කිරීමට පියවර ගත යුතු බවයි.

[MP3]s63612_2[/MP3]