ඉදිරි පැය කිහිපයේත් වැසි.

Tuesday, 23 July 2013 - 19:06

%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B7%9A%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92.

කොළඹ නගරය අවට සහ කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක අද පෙරවරුවේ වර්ෂාව සමග හමා ගිය තද සුළං හේතුවෙන් පුද්ගල මරණ 1 ක් සිදුවී නිවාස 140 කට අර්ධ හානි සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා. කොළඹ - කිරුළ පාරේදී ගසක් කඩා වැටීමෙන් යතුරු පැදියක ගමන් කරමින් සිටි 42 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා. ඔහු ජාතික ගමනාගමන කොමිසන් සභාවේ සේවය කරන කටුගස්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ආපදා තත්ත්වය පිළිබඳව අදහස් දක්වන එම මධ්‍යස්ථානයේ නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්‍ෂ සරත්ලාල් කුමාර.

[MP3]s63614_1[/MP3]

අධික වර්ෂාපතනය හේතුවෙන් ලක්ෂපාන, කැනියොන්, කාසල්රී සහ ඉහළ කොත්මලේ ජලාශයන්හි වාන් දොරටු ද අද විවෘත කෙරුණා.  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන්නේ ඉදිරි පැය විසිහතර තුළත් දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි අපේක්ෂා කළ හැකි බවයි. ඒ පිළිබඳව තොරතුරු ගෙන එන ‘‘වෙදර් ෆෝකාස්ට්’’ විශේෂාංගය.

[MP3]s63614_2[/MP3]