ශ්‍රී ලාංකිකයන් ඇතුළු 170ක් සමග යාත්‍රාවක් මුහුදුබත්.

Wednesday, 24 July 2013 - 9:12

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+170%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B6%B6%E0%B6%AD%E0%B7%8A.



ශ්‍රී ලාංකිකයන් ඇතුළු සංක්‍රමණිකයන් 170 දෙනෙකු රැගත් යාත්‍රාවක් ඉන්දුනීසියාවේ ජාවා දුපත් ආසන්නයේ මුහුදුබත් වී තිබෙනවා.  ඕස්ට්‍රේලියානු ආරක්ෂක අංශ ප්‍රකාශ කරන්නේ ඉරාන ජාතිකයන් පිරිසක් ද ඒ අතර සිටින බවයි. ඊයේ (23) පස්වරුවේ සිදුවූ මෙම අනතුරින් එක් අයෙකු මිය ගොස් විශාල පිරිසක් අතුරුදන්ව ඇති බව බී.බී.සී. ප්‍රවෘත්ති සේවය සඳහන් කළා. මේ අතර, මිරිස්ස ප්‍රදේශයෙන් සංක්‍රමණිකයන් රැගෙන  ඕස්ට්‍රේලියාව බලා ගිය යාත්‍රාවක් ශ්‍රී ලංකාවේ සිට නාවික සැතපුම් 280ක් ගිනිකොණදිගින් වූ මුහුදේ පාවෙමින් තිබෙන බව වාර්තා වනවා. නාවික හමුදාව ප්‍රකාශ කළේ මෙම යාත්‍රාව කාර්මික දෝෂයකට ලක්ව ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි. එය මුදා ගැනීමට අවශ්‍ය මෙහෙයුම් ආරම්භ කර ඇති බව නාවික හමුදා ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය සදහන් කළා.