රූකාන්ත - චන්ද්‍රලේඛා නඩුවේ තීන්දුව දීම කල් යයි.

Wednesday, 24 July 2013 - 11:00

%E0%B6%BB%E0%B7%96%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+-+%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BD%E0%B7%9A%E0%B6%9B%E0%B7%8F+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80+%E0%B6%AF%E0%B7%93%E0%B6%B8+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

ජනප්‍රිය ගායක යුවලක් වන රූකාන්ත - චන්ද්‍රලේඛාට හිංසා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම අගෝස්තු 1 දක්වා කල් දැමුණා. ගායක යුවලගේ මත්තේගොඩ නිවසට ආයුධ සන්නද්ධව කඩා වැදී අඩත්තේට්ටම් කිරීම ඇතුළු චෝදනා එල්ල වී තිබුණේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරින් 11 දෙනෙකුටයි. නඩුවේ එක් විත්තිකරුවෙකු වන සරත් කුමාර රූපසිංහ නමැත්තා අද අලූයම හදිසියේ රෝගාතුර වීම නිසා කළුතර - නාගොඩ රෝහලට ඇතුළත් කර තිබෙනවා. මේ නිසා තීන්දුව ප්‍රකාශයට පත්කිරීම කල් දමන බවයි පානදුර මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන අද (24) කියා සිටියේ. රූකාන්ත - චන්ද්‍රලේඛා යුවලට වදහිංසා කිරීමේ සිද්ධිය වාර්තා වූයේ 2000 වසරේ ජනවාරි 26 වැනිදායි.