ශ්‍රී ලාංකිකයන් ඇතුළු 170 ක් රැගත් යාත්‍රාවක් මුහුදුබත්.

Wednesday, 24 July 2013 - 12:34

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+170+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B6%B6%E0%B6%AD%E0%B7%8A.

ශ්‍රී ලාංකිකයන් ඇතුළු සංක්‍රමණිකයන් 170 දෙනෙකු රැගෙන ඕස්ට්‍රේලියාව බලා ගමන් කරමින් සිටි යාත්‍රාවක් ඉන්දුනීසියාවේ ජාවා දූපත් ආසන්නයේ මුහුදුබත් වී තිබෙනවා. ඕස්ට්‍රේලියානු ආරක්ෂක අංශ ප්‍රකාශ කරන්නේ ඉරාන ජාතිකයන් පිරිසක් ද ඒ අතර සිටින බවයි. ඊයේ (23) පස්වරුවේ සිදුවූ මෙම අනතුරින් එක් අයෙකු මිය ගොස් විශාල පිරිසක් අතුරුදන්ව ඇති බව බී.බී.සී. ප්‍රවෘත්ති සේවය සදහන් කළා.

 

කෙසේ වෙතත්, නවතම විදෙස් වාර්තා ප්‍රකාශ කළේ සිය දෙනෙකු පමණ මේ වනවිට මුදාගෙන ඇති බවයි. මෙම පිරිස අතර ඉරාන ජාතිකයන් 61 දෙනෙකු සිටින බවත් ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් නිසි තොරතුරු නොමැති බවත්, අදාළ වාර්තාවල සඳහන්. යාත්‍රාව පදන්නා ලෙස ශ්‍රී ලාංකිකයෙකු කටයුතු කර ඇති අතර, එහි අනෙකුත් සේවකයන් මැලේසියානු ජාතිකයන්. දිවි බේරා ගත් පුද්ගලයෙකු ප්‍රකාශ කර ඇත්තේ ඔවුන් පැමිණි යාත්‍රාව කාර්මික දෝෂයකට ලක්වීමෙන් පසු, යාත්‍රාවේ සේවකයන් තමන් ඇතුළු පිරිස අතරමං කර පළා ගිය බවයි.

 

මේ අතර, මිරිස්ස ප්‍රදේශයෙන් සංක්‍රමණිකයන් රැගෙන  ඕස්ට්‍රේලියාව බලා ගිය යාත්‍රාවක් ශ්‍රී ලංකාවේ සිට නාවික සැතපුම් 280ක් ගිනිකොණදිගින් වූ මුහුදේ පාවෙමින් තිබෙන බව වාර්තා වනවා. නාවික හමුදාව ප්‍රකාශ කළේ මෙම යාත්‍රාව කාර්මික දෝෂයකට ලක්ව ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි. එය මුදා ගැනීමට අවශ්‍ය මෙහෙයුම් ආරම්භ කර ඇති බව නාවික හමුදා ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය සදහන් කළා. අදාළ යාත්‍රවේ 70කට ආසන්න පිරිසක් රැඳී සිටින බවට තොරතුරු ලැබී ඇති බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ.

 

මුහුදු මාර්ගයෙන් නීතිවිරෝධී ලෙස  ඕස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයන්ට සිය රට තුළ සරණාගතභාවය ලබා නොදෙන බව  ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය කෙවින් රඞ් පසුගිය 19 වැනිදා ප්‍රකාශ කළා. ඔවුන් සියලූදෙනා පැපුවා නිව්ගිනියාව වෙත හරවා යවන බවයි ඔහු කියා සිටියේ.

 

[MP3]s63650[/MP3]

 

 

කෙසේ වෙතත්, මෙම ප්‍රකාශයත් සමඟ නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන්  ඕස්ට්‍රේලියාවට යාමට ගොස් පැසිෆික් නාවුරු දිවයිනේ සරණාගත කඳවුරේ රදවා සිටි සංක්‍රමණිකයන් එහි ගොඩනැගිලි වලට ද ගිනි තබනු ලැබුවා. ඊට සම්බන්ධවූවන් වැඩි දෙනෙකු ශ්‍රී ලාංකික දෙමළ ජාතික සංක්‍රමණිකයින් බවයි සිඞ්නි මෝනින් හෙරල්ඞ් නැමැති  ඕස්ට්‍රේලියානු පුවත්පත සඳහන් කළේ.