දයාසිරි අපිව රැවටුවා. එ.ජා.ප.ය කියයි.

Wednesday, 24 July 2013 - 18:46

%E0%B6%AF%E0%B6%BA%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%85%E0%B6%B4%E0%B7%92%E0%B7%80+%E0%B6%BB%E0%B7%90%E0%B7%80%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%8F.+%E0%B6%91.%E0%B6%A2%E0%B7%8F.%E0%B6%B4.%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (24) පැවැත්වූ මාධ්‍ය හමුවෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂයද ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණා. ඊට එක්ව සිටි හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් තමන් ප්‍රසිද්ධියේ ලබාදුන් සහතිකයන් පිළිබඳ මෙසේ ආවර්ජනය කළා.

[MP3]s63674_1[/MP3]                                

එම මාධ්‍ය හමුවට එක්වූ නීතීඥ අජිත් පී. පෙරේරා මන්ත්‍රීවරයා කියා සිටියේ තමන් ආණ්ඩුවට නොයන බව දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ඊයේ දිනයේත් ප්‍රකාශ කළ බවයි.

[MP3]s63674_2[/MP3]                           

ඊයේ දිනයේදී දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා වයඹ පළාත් එක්සත් ජාතික පක්ෂ නාමයෝජනා කමිටුව හමුවේ පෙනී සිටිමින් ඊට අදාළ අපේක්ෂකයන් තෝරා ගැනීමේ කටයුතුවල නිරතව සිටි බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවේදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල කියා සිටියේ.

[MP3]s63674_3[/MP3]                   

පක්ෂ මාරුව පිළිබඳ වාර්තා වූ තොරතුරු අවස්ථා කිහිපයකදී දයාසිරි මන්ත්‍රීවරයා ප්‍රතික්ෂේප කළත්, ඔහු ඊට පෙර ද මෙවැනි සූදානමක සිටි බව පසුගිය වසරේ අගෝස්තු 8 වැනිදා හිරු ප්‍රවෘත්ති තුළින් අප අනාවරණ කළා.

පසුගිය 2010 මහ මැතිවරණයේදී කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 5 දෙනෙකු පාර්ලිමේන්තුවට තේරී පත් වුණා. එහිදී මනාප ඡන්ද එක්ලක්ෂ තිස් හතර දහසක් ලබා ගෙන දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා දිස්ත්‍රික්කයේ පළමු තැනට පැමිණියා. ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා වූ නිසා ඉන් ඇතිවන පුරප්පාඩුව සඳහා ඊළඟට පත්වීමට නියමිතව ඇත්තේ එක්සත් ජාතික පක්ෂ වයඹ පළාත් සභා මන්ත්‍රී නලින් බණ්ඩාරයි. ඔහු පසුගිය මහමැතිවරණයේදී මනාප ඡන්ද 29,000 කට ආසන්න ප්‍රමාණයක් ලබා ගනු ලැබුවා. අද පස්වරුවේ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සමඟ සාකච්ඡාවකට තමන්ට කැඳවීමක් ලැබී ඇති බව ඔහු හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළා.  

මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වූ පසු දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා අද දිනයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පැවසුවා.

දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ආණ්ඩුවට එක්වීමත් සමග කුරුණෑගල - පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා ඇතුළු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු 6 දෙනෙකු ද අද ආණ්ඩුවට එක්වුණා. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 8 දෙනෙකු එම ප්‍රාදේශීය සභාව නියෝජනය කරනවා. පඬුවස්නුවර ආසනයේ එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරයා ලෙසද කටයුතු කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරයි.

පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක සමන්සිරි පීරිස් ප්‍රකාශ කළේ තමන් සමඟ විමල් දයානන්ද, ජනක තිලකසිරි, දර්ශන සම්පත්, මනෝ කුමාර එදිරිසිංහ, හේමන්ත පල්ලෙවත්ත යන එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් මෙලෙස ආණ්ඩුවට එක්වන බවයි. පක්ෂ මාරුව පිළිබඳව අදහස් දක්වන පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක සමන්සිරි පීරිස්.
 
[MP3]s63674_4[/MP3]



රටම බලා සිටින පළමු ඡන්ද ප්‍රතිඵලය ගැන අලුත්ම ඉඟිය මෙන්න
Tuesday, 04 August 2020 - 20:16

රටම බලා සිටින පළමු ඡන්ද ප්‍රතිඵලය ගැන අලුත්ම ඉඟිය මෙන්න කොමිසමේ... Read More

අංගොඩ ලොක්කාගේ ඡායාරූප සැසදේ
Tuesday, 04 August 2020 - 19:42

ඉන්දියාවේදී මියගොස් ඇති බවට වාර්තා වන මද්දුමගේ චන්දන ලසන්ත... Read More

ඡන්ද පෙට්ටි බෙදා හැර අවසන්
Tuesday, 04 August 2020 - 19:35

මහ මැතිවරණය සඳහා ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි නිකුත් කිරීම... Read More