අනතුරට පත් මිරිස්සෙන් ගිය සංක්‍රමණිකයන් මුදා ගැනේ.

Thursday, 25 July 2013 - 7:45

%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B6%82%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A.

ශ්‍රී ලාංකිකයන් ඇතුලූ සංක්‍රමණිකයින් රැගෙන  ඕස්ට්‍රේලියාව බලා ගමන් කරමින් සිටියදී මුහුදුබත් වූ යාත්‍රාවේ ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් සොයා බලන ලෙස එරට ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයාට රජය දැනුම් දී තිබෙනවා. විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කරුණාතිලක අමුණුගම කියා සිටියේ   ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් අද්මිරාල් තිසර සමරසිංහට ඒ පිළිබඳ සොයා බලා  වාර්තාවක් ලබාදෙන ලෙස දැනුම්දුන් බවයි. ශ්‍රී‍්‍ර ලාංකිකයන් ඇතුළු සංක්‍රමණිකයන් 170 දෙනෙකු රැගෙන  ඕස්ට්‍රේලියාව බලා ගමන් කරමින් සිටි යාත්‍රාවක් ඉන්දුනීසියාවේ ජාවා දූපත් ආසන්නයේ දී මුහුදුබත් වුණේ පෙරේදා දිනයේයි.

කෙසේ වෙතත්, නවතම විදෙස් වාර්තා ප්‍රකාශ කළේ මෙම යාත්‍රාවේ සිටි 157 දෙනෙකු මුදාගෙන ඇති බවයි. අතුරුදන් වූ පිරිස පිළිබඳව මෙතෙක් නිශ්චිත තොරතුරු නොමැති බවද එම වාර්තා වැඩිදුරටත් සඳහන් කළා. මුදාගත් පිරිස අතර ඉරාන ජාතිකයන් 61 දෙනෙකු සිටින බවත්  ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් නිසි තොරතුරු නොමැති බවත්, අදාළ වාර්තාවල සඳහන්. යාත්‍රාව පදවන්නා ලෙස ශ්‍රී ලාංකිකයෙකු කටයුතු කර ඇති අතර, එහි අනෙකුත් සේවකයන් මැලේසියානු ජාතිකයන්.
 
මේ අතර මිරිස්ස ප්‍රදේශයෙන්  ඕස්ට්‍රේලියාව බලා යාමේදී අනතුරට පත් අනවසර සංක්‍රමණිකයන් පිරිස මුදාගෙන ඇති බව නාවික හමුදාව පවසනවා. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය සඳහන් කළේ එම යාත්‍රාවේ ශ්‍රී ලාංකිකයන් 73 දෙනෙකු වෙළඳ නෞකාවක් හා නාවික හමුදාව එක්ව මුදාගෙන ඇති බවයි. ඔවුන් අද දිනයේ ගාලූ වරාය වෙත රැගෙන ඒමට නියමිත බවද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා. මෙම අනවසර සංක්‍රමණිකයන් පිරිස රැගත් යාත්‍රාව ක්‍රියාවිරහිතවීම හේතුවෙන් මිරිස්සේ සිට නාවික සැතපුම් 280 ක් ගිණිකොන දෙසින් වූ මුහුදේ ඊයේ සිට පාවෙමින් තිබුණා.