බ්‍රිතාන්‍ය රජ පවුලට අලූතින් එක්වූ විලියම් - කේට් යුවළගේ පුත් කුමරුට නම් තබා තිබෙනවා. ජෝර්ජ් ඇලෙක්සැන්ඩර් ලූවිස් ලෙස මෙලෙස නව කුමරුට නම් තබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. රාජකීය පවුල නියෝජනය කරන හිටපු රජවරුන් 6 දෙනෙකු භාවිත කළ නමක් මෙම කුමරුට යෙදීමද විශේෂත්වයක් බවයි එම වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ. ඒ අනුව බ්‍රිතාන්‍යයේ රජකම් කළ රජවරුන් 6 දෙනෙකුම ජෝර්ජ් යන නම භාවිතා කර තිබෙනවා. නව කුමරුගේ මී මිත්තනිය වන දෙවැනි එලිසබෙත් රැජිනගේ පියා වන හයවන ජෝර්ජ් රජුට ද නව කුමරුගේ නාමයෙන් කොටසක් යොදා තිබීමද විශේෂත්වයක් වනවා. නව කුමරුවන ජෝර්ජ් ඇලෙක්සැන්ඩර් ලූවිස් සැලකෙන්නේ වත්මන් බ්‍රිතාන්‍ය රජ පවුලේ කිරුළ හිමි තුන්වැන්නා ලෙසයි.