පොළොන්නරුවේ නිවසක් තුළ නිධන් හාරමින් සිටි පිරිසක් අත්අඩංගුවට.

Thursday, 25 July 2013 - 9:01

%E0%B6%B4%E0%B7%9C%E0%B7%85%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B7%85+%E0%B6%B1%E0%B7%92%E0%B6%B0%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7.

පොළොන්නරුව - මඩකලපුව පාර දෙවන පටුමග ප්‍රදේශයේ නිවසක් තුළ නීතිවිරෝධී ලෙස නිධන් හාරමින් සිටි කාන්තාවක් සහ පුද්ගලයන් 5 දෙනෙකු පොළොන්නරුව පොලීසිය ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙහිදී නිධන් හෑරීමට යොදාගන්නා උපකරණ කිහිපයක්ද පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් පොළොන්නරුව, පිළියන්දල සහ අකුරැස්ස ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය තවදුරටත් සඳහන් කළා.