මාතලේ තවත් විභාග අවුලක්.

Thursday, 25 July 2013 - 12:22

%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B6%BD%E0%B7%9A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C+%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A.

මාතලේ අධ්‍යාපන කලාප කාර්යාලයට අයත් පාසල්වල අද (25) පැවැත්වීමට නියමිතව තිබූ තාක්ෂණ සහ සෞන්දර්ය විෂයන්වලට අදාළ ප්‍රශ්න පත්‍රය හදිසියේම අවලංගු කර ඇතැයි ලංකා ගුරු සේවා සංගමය ප්‍රකාශ කළා. පසුගිය දින කිහිපයේම මාතලේ දිස්ත්‍රික්කයේ පාසල්වලට ලබාදුන් ප්‍රශ්න පත්‍රවල ගැටළු පැවති බවයි එම සංගමයේ මධ්‍යම පළාත් ලේකම් ගමගෙදර දිසානායක කියා සිටියේ. පෙර දැනුම්දීමකින් තොරව හදිසියේම විභාගය කල් දැමීමට තීරණය කිරීම නිසා ගුරුවරුන් මෙන්ම ඊට පෙනී සිටීමට අපේක්ෂාවෙන් සිටි දරුවන්ද අපහසුතාවයට ලක්වූ බව ලේකම්වරයා කියා සිටියා.

 

[MP3]s63713_1[/MP3]          

 

ලංකා ගුරු සේවා සංගමය එල්ල කරන චෝදනා පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය මාතලේ කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ මහින්ද එස්. යාපාගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ මෙවර වාර විභාගයට ප්‍රශ්න පත්‍ර සකස් කරනු ලැබුවේ පාසල් මට්ටමින් බවයි. මේ හිරු ප්‍රවෘත්ති අංශය සහ කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයා අතර ඇතිවූ සංවාදයයි.

 
[MP3]s63713_2[/MP3]