ගුරුවරිය දණ ගැස්ස වූ හිටපු පළාත් මන්ත්‍රී යළි රිමාන්ඞ්.

Thursday, 25 July 2013 - 18:55

%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%AF%E0%B6%AB+%E0%B6%9C%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B7%80%E0%B7%96+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%9E%E0%B7%8A.

නවගත්තේගම නවෝද්‍යා පාසලේ ගුරුවරියක දණ ගැස්සවීමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන ඇපමත මුදාහැර සිටි වයඹ පළාත් සභාවේ හිටපු මන්ත්‍රී ආනන්ද සරත් කුමාර ලබන 08 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කළා. ආණමඩුව දිසා විනිසුරු රංග දිසානායක මෙම නියෝගය නිකුත් කළේ සැකකරු ඇප කොන්දේසි කඩ කළ බවට පැමිණිලිකාරියගේ නීතිඥවරයා අධිකරණයට දැනුම්දීමෙන් අනතුරුවයි.

පසුගිය දිනවල ප්‍රදේශයේ පැවති ජන හමුවලදී අදාළ ගුරුවරියට තර්ජන ඇතිවන ආකාරයෙන් හිටපු මන්ත්‍රීවරයා ප්‍රකාශ නිකුත් කර ඇති බව පැමිණිලිකාරියගේ නීතිඥයා අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළා. අධිකරණ කටයුතුවලින් අනතුරුව අද (25) නිකුත් කළ නියෝගය සම්බන්ධයෙන් විස්තර කළ නීතිඥ ප්‍රියන්ත ගමගේ.

[MP3]s63736_1[/MP3]                               

කෙසේ වෙතත්, පසුගිය 16 වැනිදා එක්සත් ජනතා නිදහස් සන්ධාන නාමයෝජනා කමිටුව හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර කියා සිටියේ මෙවර මැතිවරණයේදී තමන්ට නියත වශයෙන්ම නාමයෝජනා හිමිවන බවයි.

[MP3]s63736_2[/MP3]