රනිල්ට සහ තිස්සට අභියාචනාධිකරණයෙන් නොතීසි.

Thursday, 25 July 2013 - 18:57

%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%A7+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%A0%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%AD%E0%B7%93%E0%B7%83%E0%B7%92.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, මහ ලේකම් තිස්ස අත්තනායක ඇතුළු කෘත්‍යාධිකාරී මණ්ඩල සහ විනය කමිටු සාමාජිකයන් 94 දෙනෙකුට සැප්තැම්බර් 16 අධිකරණයේ පෙනී සිටින්නැයි අද නොතීසි නිකුත් කෙරුණා. සිය පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට එරෙහිව එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්‍රිවරුන් වන ශිරාල් ලක්තිලක සහ මෛත්‍රී ගුණරත්න ගොනු කර ඇති පෙත්සම් අභියාචනාධිකරණය හමුවේ අද (25) කැඳවු  අවස්ථාවේදී එහි සභාපති ශ්‍රී ස්කන්ධරාජා මෙම නියෝගය නිකුත් කළා.

මේ අතර, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, මහ ලේකම් තිස්ස අත්තනායක සහ එම පක්ෂයේ විනය කමිටුවට එරෙහිව කොළඹ දිසා අධිකරණය අද වාරණ නියෝගයක් නිකුත් කළා. ඒ, පරිසර නියෝජ්‍ය අමාත්‍ය අබ්දුල් කාදර් ගොනුකළ පැමිණිල්ලක් අද (25) කැඳවූ අවස්ථාවේදියි. දෝෂාභියෝගය අවස්ථාවේ පාර්ලිමේන්තුවේදී ඊට පක්ෂව ඡුන්දය ලබාදීම නිසා එක්සත් ජාතික පක්ෂය අබ්දුල් කාදර් මන්ත්‍රීවරයාට එරෙහිව විනය පරීක්ෂණයක් කැඳවා තිබුණා. ඔහු එක්සත් ජාතික පක්ෂයෙන් ආණ්ඩුවට එක්වූ මන්ත්‍රීවරයෙක්.

අද දිනයේ විනය පරීක්ෂණය පැවැත්වෙන බවට එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා නියෝජ්‍ය අමාත්‍ය අබ්දුල් කාදර් වෙත ෆැක්ස් පණිවුඩයක් එවා ඇති බව අද අනාවරණ වුණා. නියෝජ්‍ය අමාත්‍යවරයා සහභාගි වුවත් නොවුණත් අද විනය පරීක්ෂණය පැවැත්වෙන බවද එම පණිවුඩයේ සඳහන්ව ඇති බවද අධිකරණයේදී කරුණු හෙළිවී තිබෙනවා. නියෝජ්‍ය අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා පැවසුවේ පාර්ලිමේන්තුව පැවැත්වෙන දිනයක විනය පරීක්ෂණ පැවැත්වීම නුසුදුසු බවයි. එම නිසා ඊට වාරණ නියෝගයක් නිකුත් කරන ලෙසයි නීතීඥවරයා ඉල්ලා සිටියේ.  ඒ අනුව කොළඹ ප්‍රධාන දිසා විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි අද නිකුත් කළ වාරණ නියෝගය අගෝස්තු 8 වැනිදා දක්වා ක්‍රියාත්මකයි.