ජනිපෙට සහ හෙළ උරුමෙට බොදුබල සේනාවෙන් අභියෝග.

Friday, 26 July 2013 - 7:28

%E0%B6%A2%E0%B6%B1%E0%B7%92%E0%B6%B4%E0%B7%99%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B7%84%E0%B7%99%E0%B7%85+%E0%B6%8B%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%99%E0%B6%A7+%E0%B6%B6%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%B6%E0%B6%BD+%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C.

13 වන සංශෝධනය වෙනස් කිරීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා පළාත් සභා ක්‍රමය අහෝසි කිරීමේ ජාතික එකමුතුව ඊයේ (25) කොළඹ දී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. ඊට එක්වු බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කියා සිටියේ උතුරේ මැතිවරණයට පෙර 13 වන සංශෝධනයට ගෙන ආ සංශෝධන දෙක ක්‍රියාත්මක කරන්නේද නැද්ද යන්න පිළිබඳව ආණ්ඩුව ප්‍රකාශයක් කළ යුතු බවයි.

 
[MP3]s63756[/MP3]

 

උතුරේ මහ ඇමති අපේක්ෂකයා ලෙස වෙනත් පුද්ගලයෙකු පත් කරන්නැයි ‘‘ඔබාමා සඳහා වූ දෙමළ සංසදය’’ දෙමළ ජාතික සන්ධානයෙන් ඉල්ලීමක් කරනවා. එය ඇමරිකාවේ සිට ක්‍රියාත්මක වන එල්.ටී.ටී.ඊ හිතවාදී දෙමළ සංවිධානයක්. ඔවුන්ගේ සිය නිල වෙබ් අඩවියට නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ දැනට නම් කර ඇති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සී.වී.විග්නේෂ්වරන් කොළඹ ජීවත් වූ පුද්ගලයෙකු බැවින් ඔහුට උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ගැටළු පිළිබඳ අවබෝධයක් නොමැති බවයි.