මන්මෝහන් සිංගෙන් ජයලලිතාට ලිපියක්.

Friday, 26 July 2013 - 7:30

%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8%E0%B7%9D%E0%B7%84%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B6%BA%E0%B6%BD%E0%B6%BD%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%A7+%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

ශ්‍රී ලංකාවේ බලය විමධ්‍යගත කිරීම සහ සංහිඳියාව සම්බන්ධයෙන් ඉන්දීය මධ්‍යම රජය දරන ස්ථාවරයේ කිසිදු වෙනසක් නොමැති බව අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං පවසනවා. තමිල්නාඩු මහ ඇමතිනි ජයලලිතා ජයරාම් වෙත ලිපියක් යොමුකරමින් ඔහු කියා සිටියේ එක්සත් ශ්‍රී ලංකාවක් තුළ දෙමළ ජනතාවට තීරණ ගතහැකි තත්ත්වයක් ඇතිවනතුරු නවදිල්ලිය අඛණ්ඩව කටයුතු කරන බවයි. පසුගිය 14 වැනිදා ජයලලිතා ජයරාම්, මන්මෝහන් සිං වෙත ලිපියක් යොමුකරමින් 13 වන සංශෝධනයේ වගන්ති වෙනස් කිරීමට ලක් රජය දරන උත්සාහයට නවදිල්ලිය බලපෑම් එල්ල කළ යුතු බව ප්‍රකාශ කළා. ඊට පිළිතුරු ලෙසයි මන්මෝහන් සිං, ජයලලිතා වෙත මෙම ලිපිය යොමුකර ඇත්තේ.