මු.කො. සභාපතිට එරෙහිව පරීක්ෂණයක්.

Friday, 26 July 2013 - 12:40

%E0%B6%B8%E0%B7%94.%E0%B6%9A%E0%B7%9C.+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී බසීර් සේගුදාවුද්ට එරෙහිව පරීක්ෂණයක් පැවැත්වීමට එම පක්ෂය තීරණය කර තිබෙනවා. මුස්ලිම් කොංග්‍රසයේ ජාතික සංවිධායක, ශෆීක් රජබ්දීන් කියා සිටියේ මෙවර පළාත් සභා ඡන්ද විමසීමේදී ආණ්ඩුව සමඟ එක්ව තරඟ කරන බවට පක්ෂ සභාපති බසීර් සේගුදාවුද් ප්‍රකාශයක් කර ඇති බවයි. එහෙත්, මුස්ලිම් කොංග්‍රසය වයඹ, මධ්‍යම සහ උතුරු පළාත් සභා ඡන්ද විමසීම සඳහා පක්ෂයේ ලාංඡනය වන ‘‘ගස’’ යටතේ දැනටමත් තරඟ කිරීමට තීරණය කර අවසන්. එවන් තීරණයක් ගෙන ඇති මොහොතක පක්ෂ සභාපතිවරයා සිදුකර ඇති මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් අද රාත්‍රියේ පැවැත්වෙන මුස්ලිම් කොංග්‍රස් පක්ෂ උත්තරීතර මණ්ඩල රැස්වීමේදී කරුණු විමසීමට බලාපොරොත්තු වන බවයි ජාතික සංවිධායකවරයා කියා සිටියේ.

 
[MP3]s63784[/MP3]