මාරක රිය අනතුරෙන් පසු ලග්ගල උණුසුම්.

Friday, 26 July 2013 - 12:42

%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%BD%E0%B6%9C%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD+%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A.

ලග්ගල - ගොමහන්දිය ප්‍රදේශයේදී මවකට සහ පුතෙකුට මරු කැඳවමින් සිදුවූ රිය අනතුරට විරෝධය පළ කර ප්‍රදේශවාසීන් අද (26) උදෑසන සිට විරෝධතාවයක නිරතවනවා. විරෝධතාකරුවන් වැලි ප්‍රවාහනය කරන ටිපර් රථ 10 කට ද පහරදී ඇති බවයි ලග්ගල පොලිසිය ප්‍රකාශ කළේ. මේ හේතුවෙන් මේ වනවිටත් මහියංගනය - හෙට්ටිපොල මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා. අද අලූයම ලග්ගල  - ගොමහන්දිය ප්‍රදේශයේදී ටිපර් රථයක, යතුරුපැදියක් ගැටීමෙන් සිදුවූ මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්වුණේ ලග්ගල - හත්ගොඩ - දේවාලදෙණිය ප්‍රදේශයේ පදිංචි 47 හැවිදිරි මවක් සහ 23 හැවිරිදි ඇයගේ පුත්‍රයායි. සිය බාලපුතු අධ්‍යාපන චාරිකාවක් යාම සඳහා පාසල වෙත ඇරලවා යතුරුපැදියකින් නැවත පැමිණෙමින් සිටියදීයි මෙම මව සහ පුතු අනතුරට ලක්ව ඇත්තේ. අනතුර සිදුවන අවස්ථාවේ යතුරුපැදිය පදවා ඇත්තේ 23 හැවිරිදි පුත්‍රයායි. සිද්ධිය සම්බන්ධයෙන් මියගිය කාන්තාවගේ දියණිය මෙලෙස කරුණු පැහැදිලි කළා.

 

[MP3]s63785_1[/MP3]

 

විරෝධතාවයේ නිරත වන අතරතුර හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දැක්වූ ප්‍රදේශවාසීන් කිහිපදෙනෙක්.

 
[MP3]s63785_2[/MP3]  

[JPG]63754_1[/JPG]

[JPG]63754_2[/JPG]

[JPG]63754_3[/JPG]

[JPG]63754_4[/JPG]

[JPG]63754_5[/JPG]

[JPG]63754_6[/JPG]

ඡායාරූප - කාංචන ආරියදාස