අතුරුදන්වූවන් පිළිබඳ සොයා බැලීමට ජනපති කොමිසමක්.

Friday, 26 July 2013 - 12:44

%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%96%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B6%E0%B7%90%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.

පසුගිය 30 වසරක යුධ සමයේ පුද්ගලයන් අතුරුදන්වීමේ සිද්ධීන් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කොමිසමක් පත් කරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගට උපදෙස් ලබාදී තිබෙනවා. රට තුළ මානව හිමිකම් සුරක්ෂිත කිරීම සඳහා ජනාධිපතිවරයාගේ කැපවීම මෙම පියවර තුළින් පැහැදිලි වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. එමගින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම මගින් ද යුද්ධයේදී ඇති වූවායැයි කියන මානව හිමිකම් උල්ලංඝනයවීම් සම්බන්ධයෙන් සොයා බලා ඇති බවයි. යුධ සමය තුළ අතුරුදන් වූවන් පිළිබඳව සොයා බැලීම සඳහා විශේෂ කොමිසමක් පත් කළ යුතු බව එමගින් ද නිර්දේශ කරනු ලැබුවා. එමගින් අදාළ පියවර ගැනීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව වෙත කරුණු ඉදිරිපත් කළ යුතු බවයි උගත් පාඩම් කොමිසමේ නිර්දේශවල දැක්වෙන්නේ.