රට රැකෙන ආණ්ඩුවක් බිහි වී ඇතැයි ජනපති කියයි.

Saturday, 27 July 2013 - 7:38

%E0%B6%BB%E0%B6%A7+%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B7%99%E0%B6%B1+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B7%84%E0%B7%92+%E0%B7%80%E0%B7%93+%E0%B6%87%E0%B6%AD%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

වෛරී දේශපාලනය අතහැර එක්ව ජනතාවට සේවය කිරීම සියලූ දෙනාගේ වගකීම බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. ආණ්ඩු රකින දේශපාලනය වෙනුවට රට රැකෙන ආණ්ඩුවක් බිහිවී ඇති බවයි ජනාධිපතිවරයා කියා සිටියේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයේ නව පිහිණුම් තටාකය සිසු අයිතියට පැවරීමේ උත්සවය ඊයේ (26) අමතමින්. එහි ඉදිවූ ආදි කණිටු පියස දෙමහල් ගොඩනැගිල්ල ද ජනාධිපතිවරයා අතින් විවෘත වුණා.

වාද විවාද කළ ද, සටන් කළ ද මිනිසුන් මිනිසුන්ට වෛර නොකළ යුතුයි. වෛරයෙන්, ක්‍රෝධයෙන් රටක් දිනවිය නොහැකි බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා වෛරය දේශපාලනයෙන් ඉවත් විය යුතු යුගය එළඹ ඇති බව ද අවධාරණය කළා.

මේ අතර, ලේඛනගත කරුණු පදනම් කරගෙන ජනතාවට ලබාදෙන සේවා මන්දගාමී කිරීමෙන් වළකින්නැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. ඒ, ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ප්‍රගති සමාලෝචන රැස්වීමට ඊයේ (26) එක්වෙමින්.


[MP3]s63838[/MP3]