කයිරෝ නුවර වීථි සටන්.

Saturday, 27 July 2013 - 13:15

%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%BB%E0%B7%9D+%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B7%80%E0%B7%93%E0%B6%AE%E0%B7%92+%E0%B7%83%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A.


හමුදාව විසින් බලයෙන් පහ කළ ඊජිප්තුවේ හිටපු ජනාධිපති මොහොමඞ් මොර්සිගේ ආධාරකරුවන් සහ ප්‍රතිවාදීන් අතර කයිරෝ අගනුවර ඊයේ (26) ගැටුම් ඇවිලූණා. මොර්සිගේ පදවි ප්‍රාප්තියේ පළමු වසර සනිටුහන් කරමින් ඔහුගේ ආධාරකරුවන් කයිරෝ සහ ඇලෙක්සෙන්ඩි‍්‍රයා ඇතුළු ඊජිත්තුවේ ප්‍රධාන නගරවලට රොක් වූ අතර හමුදා නායක අල් - සිසී විසින් ද කයිරෝ නුවර රැළියක් කැදවා තිබුණා. දෙපාර්ශවයේ ආධාරකරුවන් අතර කයිරෝ නුවර අල් - අදවියා දේවස්ථානය අසළ මෙන්ම වීථිවල ගැටුම් පැවති බව විදෙස් වාර්තා සදහන් කළා. හිටපු ජනාධිපති මොර්සිගේ ආධාරකරුවන් ප්‍රකාශ කළේ ගැටුම්වලින් සිය සඟයන් 23 දෙනෙකු මිය ගිය බවයි. මොහොමඞ් මොර්සි බලයට පත් කළ ඊජිප්තු වසන්තයේ තිඹිරිගෙය වූ කයිරෝ නුවර තරීර් චතුරස‍්‍රය හමුදා නායක අල් - සිසීගේ ආධාරකරුවන්ගෙන් පිරී තිබූ බව සඳහන්. ඇලෙක්සැන්ඩි‍්‍රයා නුවර ගැටුම්වලදී මොර්සිගේ ආධාරකරුවන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයකින් තේරී පත්වූ ඊජිප්තුවේ ප්‍රථම ජනාධිපතිවරයා වූ මොහොමඞ් මොර්සි හමුදාව විසින් පසුගිය ජුලි 3 වන දා බලයෙන් පහ කිරීමෙන් පසු ඊජිත්තුවේ පවතින්නේ අවිනිශ්චිත වාතාවරණයක්. නවතම වාර්තාවලට අනුව ඊයේ සිට ඊජිත්තුවේ පවතින ගැටුම්වලින් පුද්ගලයින් 75 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී දහසකට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.