‘නෝ ෆයර් සෝන්’ මලයාසියාවේ යළි පෙන්වයි.

Saturday, 27 July 2013 - 12:36

%E2%80%98%E0%B6%B1%E0%B7%9D+%E0%B7%86%E0%B6%BA%E0%B6%BB%E0%B7%8A+%E0%B7%83%E0%B7%9D%E0%B6%B1%E0%B7%8A%E2%80%99+%E0%B6%B8%E0%B6%BD%E0%B6%BA%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%92.


මෙරට යුද්ධයේදී ආරක්ෂක හමුදා අතින් යුධ අපරාධ සිදුවූ බවට චෝදනා කරන නෝ ෆයර් සෝන් වාර්තාමය වීඩියෝ චිත්‍රපටය මලයාසියාවේදී පසුගිය සතියේ ප්‍රදර්ශනය කර තිබෙනවා. මේ මස මුලදී ඒ සඳහා දැරුණු උත්සාහයක් මලයාසියානු ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මැදිහත්වී නතර කළ අතර චිත්‍රපටයේ අධ්‍යක්ෂ චැනල් ෆෝ නාලිකා ප්‍රධානි කැලම් මැක්රේ රඳවා ගනු ලැබුවා.

එහෙත්, මලයාසියාවේ දෙමළ දේශපාලනඥයන් මැදිහත්වී ක්වාලාලම්පූර් නුවර - සෙලන්ගෝර් ශාලාවේ පසුගිය බ්‍රහස්පතින්දා එම වාර්තා චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට කිසිදු බාධාවක් එල්ල වී නැහැ. එමෙන්ම, නෝ ෆයර් සෝන් ප්‍රදර්ශනයෙන් පසු එහි අධ්‍යක්ෂ කැලම් මැක්රේ ස්කයිප් තාක්ෂණය ඔස්සේ ප්‍රේක්ෂකයන් සමග සංවාදයකට එක්වී තිබෙනවා. එහිදී ඔහු සඳහන් කර ඇත්තේ තමා එල්.ටී.ටී.ඊ රසිකයෙකු නොවන නමුදු ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට හඩක් නැගීම සඳහා එක්වී සිටින බවයි.

මලයාසියාවේ හිටපු සෙනෙට් සභිකයෙකු වූ එස්.රාමක්‍රිෂ්ණන් නෝ ෆයර් සෝන් මලයාසියාවේ ප්‍රදර්ශනය කිරීමට මූලික වී ඇති අතර, ශ්‍රී ලංකාව සමඟ ආර්ථික සබඳතා අත්හරින ලෙස ඔහු අග්‍රාමාත්‍ය නජීබ් ටුන් රසාක්ගෙන් විවෘත ඉල්ලීමක් කර තිබෙනවා. එමෙන්ම ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි නොවන ලෙස ද ඔහු මලයාසියානු අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටි බව සඳහන්.