මුහුදුබත් වූ සංක්‍රමණික යාත්‍රාවෙන් සිරුරු 15ක් හමුවේ.

Saturday, 27 July 2013 - 12:38

%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B6%B6%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+%E0%B7%83%E0%B6%82%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%AB%E0%B7%92%E0%B6%9A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B7%94+15%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A.


 
ශ්‍රී ලාංකිකයින් ඇතුළු නීතිවිරෝධී සංක්‍රමණිකයන් 204 දෙනෙකු සමග ජාවා මුහුදේ දී අනතුරට පත් යාත්‍රාවේ සිටි පුද්ගලයන් 15 දෙනෙකුගේ සිරුරු ඊයේ (26)වන විට ගොඩගෙන තිබෙනවා. මෙහි සිටි ඉරාන, ඉරාක සහ ශ්‍රී ලාංකික නීතිවිරෝධී සංක්‍රමණිකයින් අතරින් 189 දෙනෙකු බේරා ගැනුණා. හෙලිකොප්ටර් යානා උපයෝගී කරගෙන අතුරුදන්වූවන් සෙවීම අද (27) තවදුරටත් සිදුකිරීමට නියමිතයි. ඉන්දුනිසියානු දිවයින්වල සිට  ඕස්ට්‍රේලියාවට අයත් නත්තල් දුපත වෙත ළඟාවීම මෙම සංක්‍රමණිකයන්ගේ ඉලක්කය වූ බව සදහන්. එහෙත් ප්‍රමාණය ඉක්මවා මගීන් පැටවූ යාත්‍රාව පසුගිය සතිය මැද දී අනතුරට ලක්වූ අතර, ජීවිතාක්ෂක මෙහෙයුම අද (27) තුන්වන දිනටත් ක්‍රියාත්මකයි.  ඕස්ට්‍රේලියාවට මුහුදු මාර්ගයෙන් පැමිණෙන සියලූම නීතිවිරෝධී සංක්‍රමණිකයන් පැපුවා - නිව්ගිනියා දිවයිනට හරවා යැවීමට අගමැති කෙවින් රඞ් පසුගිය දා දැඩි තීරණයකට එළඹුණා. එහෙත් එමගින් සැබෑ සරණාගතයන් අනාරක්ෂිත වන බවට ජගත් සරණාගත කොමිසම චෝදනා එල්ල කරනවා.