TNA සමග හාදකම් නැහැ. - මුස්ලිම් කොංග්‍රසය.

Saturday, 27 July 2013 - 12:40

TNA+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B7%84%E0%B7%8F%E0%B6%AF%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.+-++%E0%B6%B8%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B6%BA.


 

මෙවර පළාත් සභා මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය සමග කිසිඳු සන්ධානගතවීමක් සිදුනොකරන බවට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඊයේ (26) තීරණය කර තිබෙනවා. මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලය ඊයේ (26)රැස්වූ අවස්ථාවේදීයි මෙම තීරණය ගෙන ඇත්තේ. ඒ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ එහි ජාතික සංවිධායක සෆික් රජබ්දීන්.


[MP3]s63866[/MP3]

මේ අතර, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සභාපතිවරයා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ද මෙම උත්තරීතර මණ්ඩල රැස්වීමේදී අවධානය යොමු වී තිබෙනවා. පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී  බසීර් සේගුදාවුද් මීට පෙර ප්‍රකාශ කර තිබුණේ මෙවර පළාත් සභා මැතිවරණයේ දී සිය පක්ෂය ආණ්ඩුව සමග එක්ව තරග කරන බවයි. මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට මුස්ලිම් කොංග්‍රසය පසුගිය දා තීරණය කළා. එම පරීක්ෂණය සම්බන්ධයෙනුයි ඊයේ උත්තරීතර මණ්ඩල රැස්වීමේදී අවධානය යොමුව ඇත්තේ.